07

2.7K 418 20
                                    

ඊයෙ මනමාලි බලන්න ගිහින් ආව වෙලේ ඉදන් විජේසිංහ පවුල ඇතුලෙ ආයෙම ලොකු ප්‍රශ්නයක්....නාලක පැත්තකට වෙලා කල්පනා කරනකොට නදීරා නම් පුතා එක්ක කතා කරන්න උත්සාහා කරා....

"පුතා..."

"අම්මා මම දැන් එකපාරක් කිව්වනෙ....මට මගේ ආශුව ඕනි....වෙන මොකෙක්ගෙන්වත් මට වැඩක් නෑ...."

"ඒත් පුතා...."

"ඇයි ඒත් මේත් ගාන්නෙ අම්මා....අවුරුදු ගානක් පිටරටක ඉදලත් මට කියන්න එපා ඔයා...."

"නෑ නෑ පුතා මම එහෙම කීවා නෙවෙයි....ජයසූරිය අංකල්ලා මේකට කොහොම රිඇක්ට් කරයිද කියන එකයි ප්‍රශ්නෙ...."

"ඒක මට අදාල නෑ අම්මා....තාත්තයි අම්මායි කැමති විදිහකට අංකල්ට ඒක පැහැදිලි කරල දෙන්න....කොහොමත් ඔය ගමන මම ගියෙ මගෙ කැමැත්තකින් නෙවෙයිනෙ....හැබැයි ඒකෙන් මට වෙන්න ඕනි ලොකුම හොඳේ උනා....ඒක වෙනම දෙයක්.....අම්මල කොහොමහරි ජයසූරිය අංකල්ට කියන්න මම යෝජනාවට කැමති නෑ කියල...."

"හරි ඒක අපි කොහොමහරි කිව්ව කියමුකො....ඒත් පුතා ඔයාගෙ ආශු ගැන කතාවෙදි ජයසූරිය අංකල්ලා මොනව කියයිද කවුද දන්නෙ...."

"මං කිව්වනෙ අම්මා මට කාගෙන්වත් වැඩක් නෑ....මට මගේ ආශුව ඕනි...මම කොහොමහරි එයාව මගේ ලඟට ගන්නවා....ඒක ස්තීරයි...."

"අනේ මන්දන්නෑ පුතා ඔයාගෙ වැඩ නම්...."

තමන්ගෙ පුතාගෙ හැටි දන්න හින්දම නදීරා එතනින් කතාව නැවැත්තුවා....අවුරුදු විසි හතකට කිට්ටු කාලයක් හොයල හොයල අන්තිමට එයාගෙ පුතාගෙ හිත හොල්ලන්න පුලුවන් කෙනෙක් ඇවිල්ලා....ඒ නදීරලා බලපොරොත්තු නොවුණු විදිහෙ කෙනෙක් උනත් දරුවගෙ තීරනේට ඉඩදෙන්න නදීරා නම් එකහිතින්ම කැමතියි....අනික ඔය කියන ආශු දරුවගෙත් කිසිම වරදක් නෑ....

ඒත් නාලක....නාලක තවම කල්පනා කරනව....මේක සෙල්ලමක් නෙවෙයි....ජයසූරිය මොනවා කියයිද....එයාලගෙ පාර්ට්නර්ශිප් එකට ෆ්‍රෙන්ඩ්ශිප් එකට කැලලක් වෙයිද වගේ ප්‍රශ්න නාලක ගෙ ඔලුව කැරකෙනවා....

"අශේල් තමුන්ට දැන් හොඳටම විශ්වාසද ඕක ගැන...."

"ඔව් තාත්තා....මම මගේ ආශුව අරන් කැනඩා යනවා....මෙහෙ ඉන්න බලාපොරොත්තුවක් නෑ...."

"හරි ඒ සේරමත් හරි දැන් ඔය කියන ආශු ඔයාට කැමති වෙයිද...."

නාලකගෙ ප්‍රශ්නෙ ඉස්සරහ අශේල්ට හිනාවක් ගියා....

"එයා අනිවාරෙන්ම කැමති වෙයි තාත්තා....අකමැති වෙන්න හේතුවක් නෑ....මගේ ආශු මගේ විතරයි....මගේ දේවල් මගේ මිසක් වෙන කෙනෙක්ට දෙන්නෙ නෑ මං....කැමති වෙන එක අයිතිකරගත්තට පස්සෙ උනත් වෙන්න පුලුවන්නෙ තාත්තා...."

"අශේල් මට තමුන්ගෙ කතාව නම් අල්ලන්නෙ නෑ...අපි නිදහස දුන්නා කියල සෙල්ලන් කරන්න ලෑස්ති වෙන්න එපා....නෑ ඔහොම ඉන්නවා සෙල්ලන් කරන්න දෙයක් නෑ....මම බලාගන්නම් හැමදේම...."

අශේල් දන්නවා මේ ප්‍රශ්නෙදි එයාට තාත්තා කොහොමත් උදවු කරනවා කියල....ඒ කොහොම වෙතත් එයාගෙ ආශු එයාගෙ විතරයි....එයාගෙ ආශුට රිදවන්නවත් බලහත්කාරකම් කරන්නවත් අශේල්ගෙ බලාපොරොත්තුවක් නෑ....අශේල්ට ඕනි එයාගෙ ආශුව ලඟට අරන් ආදරේ කරන්න....ආදරේ දෙන්න....බලාගන්න....මොකද අශේල්ගෙ හිත හොල්ලපු එකම කෙනා ආශු විතරක්ම හින්දා....

ලෝකෙට කවුරු උනත් අශේල්ගෙ ලෝකෙදි එයාට හම්බෙන නම ආශු....ඒක අශේල් ආදරෙන් තියපු නම....හිතට අස්වැසිල්ලක් නිදහසක් අරන් ආපු ආශිර්වාදයක් විදිහට දකින හින්දා අශේල් එයාට ආශු කියල නම තිබ්බා....

ඉතිං අශේල් ගෙ ආශු....

එයාවත් තාම දන්නෙ නැතුව ඇති මෙහෙම ආදරේ කරන කෙනෙක් එයාට ඉන්නවා කියල....


"අම්මා මම එලියට යනවා..."

අදත් අශේල් වාහනේ හැරෙව්වෙ බීච් එකට....සමහරවිට එයා ඉඳීවි....නැති වෙන්නත් පුලුවන්....අශේල් සුපුරුදු තැනම වාහනේ නැවැත්තුවා....වෙලාව හොඳකමද මන්ද එයා බලාපොරොත්තුවෙන් ආව රූපෙ බීච් එකේ කොනක වාඩි වෙලා හිටියා....අද නම් කතා කරනවා....පස්ස ගහන්නවත් හිත හිත ඉන්නවත් උවමනාවක් නෑ....

අශේල් කෙලින්ම ගියෙ පුංචි කොල්ලා ලඟට....එයාට ගානක් නෑ මොනවදෝ කල්පනා කරන ගමන් ඈත මුහුද දිහා බලන් ඉන්නවා....අශේල්ට ලොකු ප්‍රශ්නයක් මේ පුංචි කොල්ලා මෙච්චර හිතන්නෙ මොනවද කියල....ඒකත් මුහුද දිහාව බලාගෙන....ඒවා අශේල්ට දැනගන්න ඕනි.....ඒත් එකපාර බෑ....ටිකෙන් ටික....

"හේයි...."







𝒯ℴ 𝒷ℯ 𝒸ℴ𝓃𝓉𝒾𝓃𝓊ℯ𝒹


අශේල්ගෙ ආශුලු....කවුද මේ ආශු...

ආශු Where stories live. Discover now