අශේල්ව මට මුණ ගැහිලා සතියක් ගතවුනා...සති දෙකක් ගත වුනා...මාමා එදා කීව විදිහට උනා නම් මේ වෙද්දි හරිනම් මාව අශේල්ට බන්දලා දීලා....ඒත් එහෙම දේවල් උනේ නෑ....හැබැයි දැන් මාමා මැදිහත් උනා නොවුනා අශේල් මට ඈතට යන්න දෙන්නෙත් නෑ ...මම ඒක හොඳටම දන්නවා....අශේල් මට ගොඩක් ආදරෙයි....ආදරේ කරනවා....එයාගෙ හැසිරීමෙන් කතා බහෙන් පවා ඒක තේරෙනවා....
මගෙ හිතේ තවම එහෙම ලොකුවට හැඟීමක් නෑ...හැබැයි මට අශේල්ව දැනෙනවා....මම අශේල්ට ගොඩක් කැමතියි...එයාව ආශ්‍රය කරන්නත් කැමතියි....අශේල් එක්ක කාලෙ ගෙවන එක ඇත්තටම පහසුවක්....අශේල්ට මම ගරු කරනවා....එයා ගොඩක් හොඳ කොල්ලෙක්....ඕනි නම් අශේල්ට තිබ්බා එයාගෙ කැමැත්ත විතරක් බලල මාව බලෙන් එයා ගාවට ගන්න....හැබැයි එහෙම කරේ නෑනෙ....එයා මට කාලෙ දුන්නා....ඇති තරමක්....කීව එකම දේ එයාගෙන් ඈත් වෙන්න හදන්න එපා කියන එක විතරයි....
නැන්දා කෙසේවෙතත් සයුරි මට කරන වෙනස්කම් වල නම් අඩුවක් ඇත්තෙම නෑ....කරන තරමක් කරන්නෙ මූසලකම්....ගෑණු මහ එපා කරපු ජාතියක් කියල සයුරි ඔප්පු කරලම පෙන්නනවා....වෙන උදාහරණ ඕනි නෑ ...සදාකාලිකව තනිකඩව හිටියත් මෙහෙම ගෑණු නම් අනේ දෙවියනේ මට එපා....ආහ් තනිකඩව ඉන්න හම්බෙන්නෙ නෑනෙ....අශේල් මාව උස්සන් යන්නනෙ බලා ඉන්නෙ....
නැන්දා මාව දකින්නෙ එයාගෙ දුවට ලැබෙන්න තිබ්බ වාසනාව උදුරගත්ත එකා විදිහට....එයා මට හිත රිදෙන මොනවත් කියන්නෙ නෑ....හැබැයි එයා වෙනද වගේ කතා නොකරන එකම තමා මට රිදවන්නෙ....
ලෙක්චර්ස් ඉවර වෙලා හැම හවස් වරුවකම මම අශේල් මාව ගන්න ආවා....කන්න අරන් දුන්නා....අපි එක එක තැන්වල ඇවිදින්න ගියා....සමහර දවස්වලට ගෙදර එද්දි පරක්කු උනා....සමහර දවසට කලින් ආවා....මට දැනෙනවා මම ටික ටික ගෙදරින් ඈත් වෙවී අශේල්ට ලං වෙනවා කියල....මගෙ හිත අශේල්ගෙ පැත්තට ඇදෙනවා කියල....
අද අශේල් එක්ක මං ෆිල්ම් එකක් බලන්න ගියා....ඒ හින්දම ගෙදර එනකොට ටිකක් රෑ උනා....
"නිවේන් ඔහොම ඔයාට ඕනි ඕනි වෙලේට ගෙදර එන්න තියාගන්න එපා....අපිට ඔයාට දොරවල් අරිනවා ඇරෙන්න කරන්න තව වැඩ ඕනි තරම් තියෙනවා...."
YOU ARE READING
ආශු
Short Storyලෝකෙට කවුරු උනත් අශේල්ගෙ ලෝකෙදි එයා ආශු....ඒක අශේල් ආදරෙන් තියපු නම....හිතට අස්වැසිල්ලක් නිදහසක් අරන් ආපු ආශිර්වාදයක් විදිහට දකින හින්දා අශේල් එයාට ආශු කියල නම තිබ්බා.... ඉතිං අශේල් ගෙ ආශු.... එයාවත් තාම දන්නෙ නැතුව ඇති මෙහෙම ආදරේ කරන කෙනෙක් එයාට ඉන...