.
.
.
" යුන්ගී... යුන්ගියා... ගෙදර කවුරුත් නැද්දෝ...??? "
" යුන්ගී... ආන්ටී... අන්කල්... කෝ අප්පා මේ ගෙදර කට්ටිය?? "
" යුන්ගී...!! "
දවස් ගානක ඉදන් නිදි මරලා ඔලුවේ හිර වෙලා තිබුනු විභාගේ ඉවර වෙලා යුන්ගී ගෙදර ඇවිත් කාලා වොශ් දාලා ඇඳට පැන්නේ ගෙදර මොනවා සිද්ද උනත් අද එයාට කතා කරන්න එපා කියන වෝනින් එක ගෙදර එවෙලේ උන්නු ඔම්මටත් දීගෙනමයි..
ඒ උනත් යුන්ගීගේ පීස්ෆුල් නින්දට බාධා කරන ස්වීට්ම ස්වීට් කටහඬක් නින්දෙන්ම යුන්ගීට ඇහුණා.. ඒ කටහඬ මෙච්චර දවසක් ගෙවල් පැත්තේ ආවේ නැත්තේ විභාගේ නිසා කියන එකත් යුන්ගී නොදැන හිටියා නෙවේ..
මහන්සිය නිදිමත කොච්චර තිබුනත් කාලෙකින් දකින රූපේ බලන්න යුන්ගීගේ නිදිමත එයාගෙන් දුරට ගියා..
බෙඩ් ශීට් එකෙන් ඔලුව යන්තමින් එලියට දාලා ඇඳෙන් පැනලා ජනේලේ ලගට ආවේ වහලා දාලා තිබුනු ජනේලේ ලඟට වෙලා තවමත් ඔම්මට අප්පට පවා කතා කරන හඬ තව ටික වෙලාවකින් මැරුනු හැල්මොනිටත් කතා කරයි කියලා ඇති උනු හැඟීම නිසාම තමයි..
ජනේලෙට දාලා තිබුනු අඳුරු පාට වීදුරු නිසාම එළියේ උන්න කෙනාට ඇතුළ හරියට නොපෙනුනාට ඇතුළේ උන්න කෙනාට නම් එළියේ ඉන්න කෙනා කරන දේවල් හොඳට පෙනුනා.. ඒ කෙනා සාමාන්ය තරමේ ගල් කැටයක් අතට ගන්න පහත් වෙද්දිම යුන්ගී වහලා තිබුනු ජනේලේ ඇරියේ තව ටික වෙලාවක් හිටියොත් එළියේ ඉන්න කෙනා ජනේලෙට ඒ ගලෙන් ගහන්න දෙපාරක් හිතන් නැති බව අවුරුදු ගානක පළපුරුද්දෙන්ම දන්න නිසයි..
" මොකද කෑ ගහන්නේ..?? "
කාමරේ ඇතුලෙන් ආව සද්දෙට අහුලන්න අත ලඟටම අරන් ගිය ගලත් අමතක කරල දාලා ඒ කෙනා නැවිල හිටිය විදියටම කකුල් අතරින් ඔලුව පොඩ්ඩක් හරවලා කාමරේ දිහා බැලුවා..
" මේ ගෙදර ඉන්න මිනිස්සුන්ට අපි කතා කරොත් කන් ඇහෙන් නෑනේ.. ඉතින් කෑ ගහන්න වෙනවා තමයි.. නැත්තං මේ වගේ දෙයක් පාවිච්චි කරන්න වෙනවා... "
ආයෙමත් අර ගල අතට අර ගෙන කෙලින් වෙලා යුන්ගිගේ පැත්තට හොඳට හැරිලා ඇස් බැමි දෙකත් දෙතුන් වතාවක් උඩ පහත යවලා කිව්ව විදියට යුන්ගී එයා බාගෙට ඇරිය ජනේලේ හොඳටම ඇරල දැම්මා..
YOU ARE READING
Bosom Buddy ||YM||✓✓ˢʰᵒʳᵗ ˢᵗᵒʳʸ
Fanfiction" පොරොන්දු වෙන්න හැමදාම මං එක්කම ඉන්නවා කියලා.. " " පොරොන්දු තියෙන්නෙ කඩන්න.. "