.03.

67 16 13
                                    

.

.

.

" මුළු පොතම හයිලයිට් කරන්න ඕන නම් ඒක ඕවා ප්‍රින්ට් කරන තැන් වලින්ම කරලා එවනවනේ.. මෝඩ වැඩ කරන් නැතුව ඕක දෙනවා මෙහෙට.. "

මතක තියා ගන්න වැදගත් කරුණු ටිකක් ටෙක්ස්ට් බුක් එකේ යුන්ගි පෙන්නලා දුන්නත් ඒ කරුණු ටික හයිලයිට් කරත් වැඩක් නැතිවෙන්නම මුලු පිටුව පුරාම හයිලයිට් පෙන් එක ගෙනියන ජිමින්ව දැක්කම යුන්ගි ඒ පොත එයා ගාවට ඇදලා ගත්තා...

ඒ වගේම ජිමින් ළඟ තිබුනු ගෙදර වැඩ පොතත් ඇදලා ගත්තා..

" ඇයි??? ඕක ගත්තෙ.."

" ගත්තෙ බලන්න.. මේක මෙහෙම නෙවේ හදන්නේ.. දැන් මං කී පාරක් තමුසෙට ඕක ඊයේ කියල දුන්නද?? "

" හරියට කියලා දුන්න නම් මට තේරෙන්න එපැයි.. එහෙනම් මං හරියට මේක හදනවනේ... "

" ඔව් ඔව්.. මං තමා වැරදි.. "

" යැයි යැයි තමා හරියට උගන්නන්න බැරි නම් නිකන් ඉන්න ඕනි... මහලොකුවට හැමෝටම කියන්න ඕන් නෑනේ ජිමින්ට අමාරු පාඩම් මං කියලා දෙන්නම් කියලා.."

" ඕකේ අස්සෙම හදන් නැතුව ඕක කපලා අලුත් පිටුවකට යනවා ජිමින්.. ඕකෙම උඩින් හැදුවම මට තේරෙනවද?? "

" අයියෝ...!! මේක නම් මහ කරුමයක්... ආයෙ හදන්න බෑ.. මේකම බලන්න..."

" ආ හරි දෙනවකෝ.. "

" ඔම්......මා තේ එකක් හදන්ඩෝ.... මේ හ්‍යුන්ටත් ඕනිලූ..... "

" මං කොයි වෙලේද තේ ඉල්ලුවේ?? "

යුන්ගී ජිමින්ගේ ගෙදර ඇවිත් පාඩම් කියල දෙනවා.. දැනට සතියක් වෙනවා දෙන්න ඔය වැඩේ පටන් අරගෙන..

දැන් යුන්ගි ජිමින්ගේ ස්ටඩී බඩී.. ගෙදර හරියට සද්දේ..

අදත් උදේ ඉදලම දෙන්නම වැඩ පටන් අරන්.. දැනුත් මේ බිමට වෙලා දෙන්නම වැඩ.. 
ජිමින්ලගේ ගෙදර පුටු මේස තියෙනවා.. ඒත් ජිමින්ට එක විදිහකට වාඩි වෙලා ඉන්න බැරි පොඩි ලෙඩක් තියෙනවනේ ඒක නිසා ඉතින් බිමට වෙලා දෙන්නා වැඩ...

ඒත් වැඩ කිව්වට වැඩිපුරම කරන්නෙ ඉගෙන ගන්නවට වඩා රන්ඩු කරන එක..

Bosom Buddy ||YM||✓✓ˢʰᵒʳᵗ ˢᵗᵒʳʸWhere stories live. Discover now