.10.

89 21 45
                                    

.

.

.

" ජිමින් අපි ඩේට් එකකට යමු.. "

" මොකක්ද..?? "

ගෙවල් දෙකේම කට්ටිය ඉස්සරහම යුන්ගී කිසිම බයක් නැතුව කෙලින්ම ජිමින්ගෙන් ඩේට් එකකට යන්න ඇහුවා..

" යුන්ගී මොනවද ළමයෝ මේ කියවන්නේ?? "

ජිමිනුත් පුදුමෙන් යුන්ගී දිහා බලන් හිටියේ..

" ඇයි?? ජිමින් අපි හෙට එලියට යමු.. ඔයා ලෑස්ති වෙලා ඉන්න.."

ජිමින් කෙලින්ම බැලුවේ හේසුගේ මූන දිහා..

" ඕ කමෝන් ජිමින්.. මං යුන්ගිගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙවේ.. ඉතින් මාව ප්‍රශ්නයක් කර ගන්න එපා.. "

බලෙන්ම ජිමින්ව යුන්ගිගේ ගෙදරට යුන්ගි එක්ක ආවේ ජිමින් හදපු ටැංජරීන් පයි එකටත් දෙයියනේ කියලා වග කියලමයි...

ඒ ආවත් හරි ජිමින්ට උනේ නම් හිතුවේ නැති දෙයක්..

ගෙවල් දෙකේම අය ඉස්සරහා ජිමින් හිටියේ කර කියා ගන්න දෙයක් නැතුව..

ඔම්මලා දෙන්න නම් ඔහොම දේකට කලින් ඉඳලම ලෑස්ති වෙලයි හිටියේ..

පුත්තු දෙන්නගේ හැසිරීමත් එක්ක කාලෙක ඉදන්ම ඒ දෙන්නට මොකක් හරි හුටපටයක් ගැන ඉව වැටිලයි තිබුනේ..

මිසිස් මින් ඇන්ඩ් පාර්ක් දෙන්නා මූනට මූන බලන් හිනා වෙද්දි මිස්ටර් මින් ඇන්ඩ් පාර්ක් දෙන්න නම් හිටියේ වෙන දේවල් තේරුම් ගන්න බැරිව..

" එයා මගේ ගර්ල් නෙවේ ජිමිනි.. එහෙදි මට හම්බුනු මගේ යාලුවා.. අනික මං කොහොමද හිත හදන් වෙන කෙනෙක් ලඟට යන්නෙ.. මෙහෙ මං එනකල් පුපුර පුපුර ගම්මිරිස් ඇටයක් ඉන්නකොට.. "

" ජිමින් මොනවද මේ යුන්ගි කියන්නෙ?? "

ජිමින්ගේ අප්පට ඉතින් වෙන දේ තේරුම් ගන්න බැරුව ජිමින්ගේ ඔම්මා දිහත් ජිමින් දිහත් මාරුවෙන් මාරුවට බැලුවා..

" ම්ම් එහෙනම් මේකයි ජිමින් අපි හැමෝ එක්කම තරහ වෙන්න හේතුව.. "

යුන්ගිගේ අප්පට නම් ජිමින්ගේ අප්පට වගේ ටියුබ් ලයිට් සීන් තිබුනේ නැති නිසාම හුටපටේ ඉක්මනට තේරුම් ගත්තා...

Bosom Buddy ||YM||✓✓ˢʰᵒʳᵗ ˢᵗᵒʳʸWhere stories live. Discover now