.08.

54 16 12
                                    

.

.

.

" ජිමින්..!! "

" ඇයි ඔම්මා..?? මට රෙස්ටුරන්ට් එකට යන්න පරක්කු වෙනවා.. "

ජිමින් හිටියේ වැඩට යන්න ලෑස්ති වෙලා එයාගේ ස්කූටියට නඟින්න යන ගමන්..

" විනාඩියයි.. ඔහොම ඉන්නකෝ.. "

" කියන්න.. "

දාගන්න ගියපු හෙල්මට් එකත් අතේ තියාගෙනම ඔම්මා කියන්න යන දේ අහන්න ජිමින් ඒ පැත්තට හැරුනා..

" හෙට යුන්ගී එනවලු.. අද හවසලු ෆ්ලයිට් එක තියෙන්නෙ.. "

මිසිස් පාර්ක්ගේ මූනේ සතුටු හිනාවක් එක්ක ඇස් අග කදුලු බිදුත් රැදිලා තිබුනා.. යුන්ගී කියන්නෙත් එයාට එයාගේ දරුවෙක් වගේ.. අවුරුදු පහකින් දකින් යුන්ගී වෙනුවෙන් ගෙවල් දෙකේම අය හිටියේ හුඟක් සතුටින්..

" ඉතින්..?? "

" ඉතින් කියන්නේ?? ජිමින් මේ.. ඒ ළමයා රට ගියේ ඒ ළමයගේ හීනෙට යන්න.. ඒකට ඔයාටවත් අපිටවත් මොකුත් කියන්න බෑ.. "

" ඉතින් දැන් මං මොනවත් කිව්වද?? "

" මොකුත් නොකියන එකයි ප්‍රශ්නේ.. යුන්ගී ආවම ඔය තරහා පැත්තකට දාලා කලින් වගේ ඉන්නවා.. දැන් පොඩි ළමයි නෙවේනේ බොරු තරහවල් හිතේ තියන් ඉන්න.. "

" හරි ඇයි දැන් නවත්ත ගත්තේ?? "

" හෙට ගිහින් එයාව එයාපෝට් එකෙන් ගන්න.. ඒක කියන්න නවත්තගත්තේ.. "

" ඇයි අන්කල් නැද්ද?? "

" අන්කල් ගෙදර එන්නෙ හෙට රෑටලු.. "

ජිමින් මොකුත් නොකියම හෙල්මට් එක ඔලුවට දාගෙන බයික් එකත් ස්ටාර්ට් කෙරුවා..

" ජිමින්..?? "

" හරි හරි.. මං ගිහින් ගන්නම්.. හෙටනේ එන්නේ.. "

" එහෙනම් හරිනේ.. හැබැයි හෙට උදේට කියන්න එපා ඔන්න මට වෙන වැඩක් තියෙනවා කියලා.. යුන්ගී මහන්සි වෙලා එන්නේ.. ඒ ලමයව රස්තියාදු කරන්න තියා ගන්න එපා.. මං නොකිව්වා කියන්න එපා ජිමින්..!! "

මිසිස් පාර්ක් කිව්ව අන්තිම ටික ජිමින්ට ඇහුනද දන් නෑ.. මොකද ඒ වෙද්දිත් ජිමින් හිටියේ ගේට් එකෙනුත් එළියේ..

Bosom Buddy ||YM||✓✓ˢʰᵒʳᵗ ˢᵗᵒʳʸWhere stories live. Discover now