.06.

52 16 9
                                    

.

.

.

හැමදාම උදේට ජිමින් එක්සෑම් ලියන්න යනවා බලන එක යුන්ගිට පුරුද්දට ගිහින්.. ජිමින් යන දිහා හොරෙන් බලන් ඉදලා යුන්ගි කුස්සියට ගියේ උදේට කන්න..

අද දහ නව වෙනිදා.. ඒ කියන්නෙ හෙට තමයි යුන්ගිගේ ෆ්ලයිට් එක.. යුන්ගී ආසා කරන හැම කෑමක්ම යුන්ගිගේ ඔම්මා මේ දවස් වල එයාට හදල දෙනවා..

දවල් වෙන්න ජිමින් ඇරුනම අනිත් හැමෝම යුන්ගිගේ ගෙදරට එකතු උනා..

" යුන්ගී ගෙනියන ඔක්කොම ලෑස්තියිනේ..?? "

" ඔව් ආන්ටී.. මේ හෙට ජිමින්ට එක්සෑම් නෑ නේද?? "

" හෙට නම් එක්සෑම් නෑ.. ඒත් අපි එක්ක එයාපෝට් යන්න එයිද දන් නෑ යුන්ගී.. දන්නවනේ එයාගේ හැටි.. අපි දෙන්න එක්කවත් කතා කරන් නෑ.. ඔක්කොමල්ලා එයාගෙන් ඔයා රට යන එක හැංගුවාලු.. "

" ඔයා කිව්ව විදියට යන දවසෙ උදේට කියන්න හිටිය නම් යුන්ගිට ෆ්ලයිට් එකත් මිස් වෙනවා.. දැන් තරහින් හරි පාඩුවේ ඉන්නවනේ.. "

" ජිමින් මං එක්ක ආයෙම යාලු වෙන් නැති වෙයිද?? "

" එහෙම වෙන් නෑ යුන්ගී.. අවුරුදු පහක් කියන්නේ ලොකු කාලයක්.. එතකොට මේ කාලේ දේවල් ජිමින් මතක තියන් ඉන් නැතිවෙයි.. "

" ඔයා ඔය කොහෙද යන්නේ..?? "

" ජිමින්ට කතා කරලා එන්නම් ඔම්මා.. "

ජිමින් තරහා වෙලා ඉද්දි යුන්ගිට රටින් පිට වෙන්න හිත දුන් නෑ.. බැනුම් අහ ගන්න හරි එහෙ ගිහින් කතා කරන්න හිතුවේ ඒ නිසාමයි..

" ජිමින්.. "

දොර ඇරල තිබුනු නිසා කතා කරගෙනම යුන්ගී ජිමින්ගේ කාමරේ ඇතුළට ගියා..

ජිමින් හිටියේ ඇඳට වෙලා පොතකුත් දිග ඇරගෙන..

යුන්ගිට ජිමින්ගේ මූන පේන්නෙත් නෑ පොතටම එබීගෙන ඉන්න නිසා..

ඒත් ඒ පොත තියෙන විදිය දැක්කම යුන්ගිට හිනා ගියා..

" මොකද තමුසේ හිනා වෙන්නේ..?? "

පොතෙන් මූන එලියට අරන් ජිමින් ඇහුවා..

" ඔහොම පාඩම් කරාම මතක හිටිනවද?? මං අහන්නේ පොත අනිත් පැත්තට හරවන් පාඩම් කරාම.. "

Bosom Buddy ||YM||✓✓ˢʰᵒʳᵗ ˢᵗᵒʳʸWhere stories live. Discover now