.04.

118 25 9
                                    

.

.

.

දින සති ගෙවිල ගිහින් යුන්ගි ලියපු එක්සෑම් එකේ රිසාල්ට් ආවා.. හිතුවා වගේම යුන්ගිට හැම සබ්ජෙක්ට් එකකින්ම තිබුනේ විශිෂ්ඨ සාමාර්ථ.. යුන්ගිගේ ගෙදර අයට වගේම තමයි ජිමින්ගේ ගෙදර අයටත් ඒ සතුටේ වෙනසක් දැනුනේ නෑ.. මොකද ගෙවල් දෙකේම ළමයි දෙන්නට ඒ ඒ ගෙවල් වලින් සලකන්නේ එකම විදියට.. එයාලට යුන්ගී ජිමින් කියල වෙනසක් තිබුනේ නෑ..

" යුන්ගි කැම්පස් යනවනේ..?? "

" ඔව්.. "

" ඔයාගේ අරයත් පාස් වෙලාද?? "

" හ්ම්ම් ඔව්.. "

" මේ දැන් ඔය දෙන්නා බඳිනවත්ද?? "

" ඔව්.. "

" එතකොට මාව බලා ගන්නේ කොහොමද..?? "

" ඔයා ගෙදර වැඩ කරන්නනේ එන්නේ.. අර දවසක් කිව්වේ.. ඔයා උයලා දුන්නම කන්න, ඇඳුම් ලෑස්ති කරල දුන්නම ඒවා ඇදගෙන වැඩට යන්න, වැඩට ගිහින් ඇවිත් උයල තියන ඒවා කන්න.. ඔයා ඒ දේවල් ඔක්කොම බලා ගන්නවා කිව්වනේ.. "

ජිමින් එදා කිව්ව දේවල්ම අද යුන්ගි ජිමින්ට මතක් කෙරුවා..

" ආව් ආව්ව්.. ඕක නවත්ත ගන්නවා.. කවදා හරි තමුසෙගේ ඔය දත් දෙක ගැලවෙන්නේ මගේ අතින්.. හරිද..?? "

" දත් ගලවනකල් මං නිකන් බලන් ඉදි කියලද හිතන්නේ?? ඔන්න ඔයාට වැරදුණු තැන යුන්ගී.. "

යුන්ගී ජිමින් එයාව හපපු තැන කෙල පිහිද ගෙන පහලට ගිය දත් පාරේ ගැඹුර මනිනවා..

" ඇත්ත කියනවා යුන්ගී.. තමුසෙට කෙල්ලෙක් නෑ.. කෙල්ලෙක් නැති නිසානේ ඒ කෙල්ල ගැන කියලා මෙච්චර මේ මාස දෙකකට පස්සෙවත් තාමත් මං එයාව දැකලා නෑනේ.. අඩුම ෆොටෝ එකක්වත්.. ඒ නැතත් කෝ මං දැකලා නෑනේ ඔය දෙන්නා කෝල් කරනවවත්.. "

" ඔයාට පේන්න මං කෝල් කරන් නෑ.. අනික එයා ලැජ්ජයි.. එයාට ලැජ්ජයිලු ඔයාව මීට් වෙන්න.. නැත්තං මං දවසක් ඇහුවා එයාගෙන් ඔයාව මීට් වෙමු කියලා.. ඒ එයා ලැජ්ජ නිසා ජිමින්.. නැතුව මට කෙල්ලෙක් නැතුව නෙවේ.. "

" අහ් හරි හරි මං විශ්වාස කරන්නම්කෝ.. "

" විශ්වාස කරත් නැතත් මට කෙල්ලෙක් ඉන්නවා තමයි.. "

Bosom Buddy ||YM||✓✓ˢʰᵒʳᵗ ˢᵗᵒʳʸWhere stories live. Discover now