.
.
.
" ජිමින්.. හුඟ කාලෙකින්.. "
" ම්ම්.. "
යුන්ගී ජිමින්ව දැක්කත් හරි කට පුරා හිනා උනත් ජිමින්ගේ ඇස් තිබුනේ යුන්ගිගේ පිටි පස්සෙන් ආව රූපෙට..
යුන්ගී එහෙනම් මැරි කරන්න කෙනෙකුත් හොයා ගෙන..
ඇත්ත නැත්ත මොකක් උනත් එයාට හිතුනේ එහෙම..
යුන්ගියි හේසුයි ගැලපෙනවා..
ජිමින් කටෙන් මොකුත් නොකිව්වට නලියන බොඳ වෙන ඇස් නිසාම ජිමින් හිතුවෙම මේ අඳුරන් නැති යුන්ගිගේ අමුත්තිය ඉස්සරහාම තමන්ට අඬන්න වෙයි කියලමයි...
" ඔහ් මෙයාද ජිමින්.. Nice to meet you Jimin... "
ජිමින් අතීත මතක වල හිර වෙද්දි තමන්ව තද කරලා බදා ගන්න ලඟට එන හුරුබුහුටි රුව ජිමින්ට පෙනුනෙම නෑ..
හේසුගේ බඳා ගැනිල්ලට ජිමින් එකපාරම ගැස්සුනා කිව්වොත් හරි..
" හේසු ඔයා ජිමින්ව පොඩි කරනවා.. කෝ අත අරින්න.. "
" ඔන්න ඔන්න මං අතැරියා... එයා ලස්සනයිනේ ෆොටෝස් වලට වඩා.. "
" ජිමින්... "
යුන්ගිටත් ඕනි උනේ හේසු වගේ ජිමින්ව බදා ගන්න.. ඒත්
" මට පරක්කු වෙන්න බෑ.. ඔම්මලා ඔයා එනකල් බලන් ඉන්නවා.. "
" ඕ හරි අපි යමු.. හේසු ලැගේජ් ටික දෙන්න මං පිටි පස්සෙන් දාන්නම්.. "
ජිමින්ගේ කතාවෙන් වගේම බදා ගැන්මත් ජිමින් තමන් ලඟට එද්දි ප්‍රතික්ෂේප කරපු නිසා යුන්ගිට හිතුනා කලින් හිටිය වදකාරයා දැන් වෙනස් වෙලා කියලා..
" okie... "
හේසු හුරතල්..
ඒත් ඕනවට වැඩියි.. ජිමින්ට හිතුනේ එහෙම..
යුන්ගිත් හේසුත් පිටිපස්සෙන් ලැගේජ් දාන්න යද්දි ජිමින් ඩ්‍රයිවින් සීට් එකට ගොඩ උනේ රිදෙන ඔලුවත් මිරිකගෙනමයි...
මොනවදෝ කිය කියා හිනා වෙවී පිටි පස්සට වෙලා බෑග් පටවන දෙන්නව ඉස්සරහා කන්නාඩියෙන් දැක්කත් හරි ජිමින්ට තවත් මේ විගඩම් බලන් ඉන්න ඕනි උනේ නෑ..
YOU ARE READING
Bosom Buddy ||YM||✓✓ˢʰᵒʳᵗ ˢᵗᵒʳʸ
أدب الهواة" පොරොන්දු වෙන්න හැමදාම මං එක්කම ඉන්නවා කියලා.. " " පොරොන්දු තියෙන්නෙ කඩන්න.. "