"සක්කිලි වගේ හිනා වෙන්න උඹලා හිතුවද මේක කෝලම් මඩුවක් කියලා යකෝ"
"හුටා යුදී අයියා"
"අප්පටසිරි හෙඩා"
______________________________________________
අපේ ඉස්සරහා හිටියේ ගරා යකා නොහොත් හෙඩා උතුමානන් . මූ මෙහෙම කෑ ගහලා බලාපොරොත්තු වෙන්නෙ ඉස්කෝලෙ ඉස්සරහම මුගෙ පිලිමයක් හදලා මල් පහන් පුදයි කියලා හිතලද දන්නෑ .
මූ නිකම් පිඹින්නෙ මකරෙක් ගිනි පිඹිනවා වගේනේ සාන්ත ..ඉස්සර දවසක මකරෙක්ට ආස හිතිලා උන් එකෙක් ඉල්ලලා නහින්න හැදුව මම ඒ ආසව මේ මොහොතේ මෙන්න මෙතනින් නවත්තනවා . යකොව් මෙහෙම පිම්ඹොත්නම් නැති ගින්දර කටින් නෙමේ පිට වෙන්නෙ වෙන කොහෙන් හරි .
අපිට කෑ ගහපු හෙඩායි උගෙ ගැන්සිය කියලා හිතන්න පුලුවන් සෙට් එකයි ටික ටික අපිට ලන් උනේ අපි අන්ද මන්ද වෙලා ඉද්දි . උන් ටික සේරම වගේ දිග ශර්ට් කාරයෝ ..අනේ ඒකට අපි සෙට් එක ..අපේ නෑනෙ ඔය බොරු සෝබන . ප්රිෆෙක්ට්ලා කියලා ඇයි අයියේ ලොකුත ඇ . හිතුවට කියන්න ගියේ නැත්තෙ එදා වගේ මූ ආයේ කනේ පොල් පැල හිටවල් කියලා හිතුන නිසා.
මේ වගේ වෙලාවට තමා මට හිතෙන්නෙ අම්මට මාව හම්බෙන්න ඉද්දි පන්සලකට ගිහින් පුවක් මලක් පූජ කරන්න බැරි උනේ ඇයි කියලා ..අරුන් ටික අපේ ඉස්සරහට ඇවිත් හිට ගද්දි අපේ අනිත් උන්ට ඇර මට ඉනිමන් බදින්න වෙනවා දෙයියනෙ මුන්ගෙ මූනූ ටික බලන්න . අපේ උන් ටික මැද්දෙ මන් ඉද්දි නිකන් බොරු කකුල් කාරයො සෙට් එකක් එක්ක ඉන්නවා වගේ . එහෙන් අරුන් ඉස්සරහට ඇවිත් බක තපස් රකිනවා . ඇයි යකෝ .
"උබලගෙන් මන් දෙයක් ඇහුවා , උත්තර දෙන්න කට නැද්ද උබලගෙ?"
හෙඩා එහෙම ඇහුවේ අපි සෙට් එක දිහාවට තියුණු බැල්මක් දාගෙන . මූ ඇස් හීනි කරලා බලන්නෙ මූ උකුස්සෙක් කියල හිතලත දන්නෑ . අපො මටනම් පේන්න බෑ මේ දන්ඩව. ඉන්න හැටි විතරක් හිටගෙන පුවක් ගහක් වගේ .
"කෝ දැන් මල්ලි උබලගෙ වක්කඩේ කැඩුවා වගේ කියෙව්ව කටවල් ටික?"
එහෙම ඇහුවේ හෙඩාගෙ එහා පැත්තෙ හිටපු එකෙක් . ම්ම්ම් ඌත් අනාගත පිලිමයක් තමා . ඔව් ඉතින් මුන් ඔක්කොම පිලිම සංස්තාවෙනෙ කොහොමත් . ඌ එහෙම අහද්දි අපි සෙට් එක මාරුවෙන් මාරුවට මූන බලාගත්තෙ කියන්න දෙයක් මතක් කරන ගමන් .
![](https://img.wattpad.com/cover/360616291-288-k818707.jpg)