පීරියඩ් එකෙන් පීරියඩ් එකට කාලෙ ගෙවිලා ඉස්කෝලේ ඇරුනට පස්සේ ගාතා කියලා ඉවර වෙලා බෙල් එක ගහනවත් එක්කම අපි පිස්සට හැතැප්ම නෑ වගේ පේලි තියෙනවද කියලවත් නොබලා ගේට්ටුවෙන් එලියට දුවන්න හිතාගෙන පන්තියෙන් එලියට පයින්න හැදුවත් පඩි පෙල කෙලවරෙ පල්ලෙහා ඇස් වලින් ගිනි පිඹින පිලිම සංස්තාව දැක්කා විතරයි පන්සිල් නෙවේ අටසිල් ගත්ත උන් වගේ සංවර වෙලා පේලියට එකතු උනේ අරුන් අපිට කින්ඩියට හිනා වෙද්දි . මුන් අපි එක්ක මොන ඇරියස් එකක් කවර් කරනවද කියලා දෙයියෝ ඔයා තමා දන්නෙ ඉතින් .
ගෙදර ඇවිල්ලා මිස්ලයි සර්ලයි දීලා තිබ්බා ගෙදර වැඩත් සේරම ටික කරලා ඉවර වෙලා ෆෝන් එකත් ටික වෙලාවක් කාලා ඉවර වෙලා සාලෙට ගියේ මේ වෙලාවට කාටුන් පටන් ගන්න නිසා ටීවි එක දාගන්න . ඒක පටන් ගන්නත් ටික වෙලාවක් තියෙන නිසා මන් අම්මා කෝ කියලා බලන්න හතර වටේ කැරකුනත් එයා පේන්න හිටියෙ නෑ . පස්සේ අම්මලගෙ කාමරේට බෙල්ල දාලා බලද්දි අනේ අම්මා තාත්තගෙ කොන්දෙ තෙල් වගයක් ගානවා .
තාත්තා අද කලින් ගෙදර එන්නැත්තෙත් ගොඩක් අමාරු නිසා වෙන්නත් ඇති . අයියා රස්සාවට යන නිසා තාත්තට කොච්චර ගෙදරට වෙලා ඉන්න කිව්වත් තාත්තා ඒ හැම වෙලාවකම කිව්වේ උබලව බලාගන්න මගෙ අත පය තවම හයියයි කියලා . දන්න කාලෙ ඉදන් තාත්තා අම්මවයි අපි දෙන්නවයි ජීවත් කරන්න කොන්ක්රීට් බ්ලොක් ගල් එක්ක ඔට්ටු උනා . දැන් කියලත් වෙනසක් නෑ . ඒ තමයි අපෙ තාත්තා .
දවස ගෙවිල ගිහින් රෑ වෙලා සේරම වැඩ ඉවර කරල ඇදට ආවේ මම බ්ලැන්කට එක අස්සට ගුලි වෙන ගමන් .
පහුවදා උදෙන්ම ඇහැරිල ලෑස්ති වෙලා ඉස්කෝලේට එද්දි අද බස් හෝල්ට් එකේ අපෙ උන් හිටියේ නෑ . පන්තියට ගිහින් බලද්දි අපෙ උන් ටික ඉන්නවා වටවෙලා මොනව හරි කියව කියව . උන් ටික මාව දැක්ක විතරයි මහ කුප්ප බැල්මක් දැම්මේ මොකාක් හරි මගුලකට අර අදින්න කියලා මට බැලූ බැල්මට තේරුනා .
"උබලා ඇයි ඔහොම බලන්නෙ . උබලෑ ඔය බැල්මනම් මට සෙට් නෑ පුතෝ හොදේ".
උන් දිගටම එහෙම බලන් ඉන්න නිසාම මන් ඒ විදිහට කිව්වෙ උන් ටික මගෙ ලගට එද්දි.
![](https://img.wattpad.com/cover/360616291-288-k818707.jpg)