පළවන පරිච්ඡේදය

1.3K 102 63
                                    

" කොවිඩ් වලින් පස්සෙ තමයි සර් මේවා වෙනස් උනේ.. "

" ඔව් ෆොරිනර්ස්ලා එන එක අඩු වුණ එකෙන් හොටෙල්ස් වලට සෑහෙන්න පාඩු වුණානෙ.. ඉතින් නිලේකාට කියන්න ගිය සතියෙ ඔෆිස් එකෙන් ගියපු ට්‍රිප් එකේදි අපි සිලෙක්ට් කරගත්ත හොටෙල් එක කොවිඩ් කාලේ සෑහෙන්න පාඩු වෙච්ච තැනක්.. දැන් නම් ප්‍රශ්නයක් නෑ.. වේටර්ස්ලා එහෙමත් ඒකාලෙ අස් වෙලා ගියාලු එතනින්.. "

" අන්න ඒකනෙ සර්.. එන්න එන්න පාඩු වෙද්දී වැඩ කරන මිනිස්සුන්ට ගෙවන්න විදියක් නැති වෙනවනේ.. "

මං බර හුස්මක් පහතට දාලා ජනේලෙන් එලිය බලාගත්තා.. සංචාරක කර්මාන්තය.. එයාලගෙ මාතෘකාව ඒක.. කතා කරන්නද මාතෘකා නැත්තේ..? ඒකත් උදෙන්ම හිටගෙන ට්‍රේන් එකේ යන්න වෙච්ච මොහොතක දන්න කියන කෙනෙක් දැක්කම අපි හැමෝම කරන්නෙ මොනවාහරි දෙයක් ගැන කතා වෙන එක.. අඩුම තරමෙ ඕපදූපයක් හරි.. හැබැයි ඒ අතරෙ මං වගේ කාත් එක්කවත් කතාවක් නැතුව ජනේලෙන් එලිය බලාගෙන පහුවෙලා යන දේවල් දිහා බලන් සැහැල්ලු මනසින් ඉන්න අයත් ඇති.. සැහැල්ලු මනසක්..!? මං කිව්වෙ අවස්ථාව අනුව..

5.55 ට්‍රේන් එක.. මං මේ මරදානට යන ගමන්.. උදේ ට්‍රේන් එක නිසා කට කපලා සෙනග.. සමහරවිට සතියෙ දවසක් නිසා වෙන්න ඇති මේ තරම් සෙනග ඉන්නෙ.. කොහොමහරි මරදාන ස්ටේෂන් එකෙන් බැහැලා මං ඔලිම්පියා තියටර් එක පහුකරන් වංගුවෙන් හැරුණා කිව්වම හිතාගන්න පුලුවන්නෙ මගෙ ගමනාන්තය කොහෙද කියලා.. ඔව් ඒ මරදාන පරණ පොත් කඩ ළග.. ඇත්තටම ඒ පොත් කඩ නෙවෙයි තනිකරම පුස්තකාල..

දැනිලා තියෙනවද පොතක පිටු අතරෙ කිමිදෙනකොට ඒ දැනෙන හැගීම..? ඒක හරි අමුතු දෙයක්.. වචනයෙක් විස්තර කරන්න බැරි හැගීමක්.. අලුත් හෝ පරණ වේවා ඒ පොත් වලින් දැනෙන සුවද.. මං කියන්නෙ අලුත් පොත්වල එන නැවුම් ගතිය ගැනවත් පරණ පොත්වලින් එන දූවිලි ගතිය ගැනනම් නෙවෙයි..

මේ පොත් කඩවලට කියන්නෙ පරණ පොත් කඩ කියලා තමයි.. හැබැයි  කවදාවත් පොත් පරණ වෙන්නෙ නෑ.. ටිකක් ගැඹුරින් හිතුවම ඒ ඇයි කියලා තේරෙනවා..

" කීයද අංකල් ඔක්කොම පොත් ටිකට..? "

" ___ "

අදාළ මුදල ගෙවලා ඒ පොත් කඩෙන් එළියට ඇවිත් මං ආයෙත් හැරිලා බැලුවා.. පුලුවන්නම් කඩේම උස්සන් එන්න තරම් හරි ලෝබයි.. දන්නවද මං ආවෙ එක පොතක් හොයාගෙන ඒත් දැන් මගෙ බැක්පැක් එකේ බර බැලුවම ගත්තෙ එකම එක පොතයිද කියලා ප්‍රශ්නයක් එනවා.. ඇත්තටම පොත් විතරක් නෙවෙයි කොයිදේත් එහෙමනෙ..

අලු ඇස් | ᴏɴɢᴏɪɴɢWhere stories live. Discover now