04

561 96 15
                                    

කාලය කොච්චර වේගෙන් ගෙවෙනවද කිව්වොත් දින සති වෙලා සති මාස වෙලා මං කෝස් එක කරන්න අරගෙන දැනටම මාස තුනක් විතර ගිහින්.. මං කෝස් එක කරන්න පටන්ගනිද්දි ශ්වේත් කරපු ඩිප්ලෝමා එකේ අන්තිම වගේ තිබ්බෙ.. මගේ කෝස් එක ඉවර වෙන්න ලං වෙනවා එක්කම එයාගෙ ඩිප්ලෝමා එකත් ඉවර වුණා දැන් සති දෙකකට විතර කලින්.. එයා කියන්නෙ ඒක ගොඩක් වැදගත්ලු එයාගෙ හිතේ තියෙන අදහස වෙනුවෙන්.. ශ්වේත් ඉස්සරහට මොන දේ කරන්න අත ගැහුවත් එයාට වරදින්නෙ නෑ කියලනම් මං හොදටම දන්නවා..

අනිත් දේ තමයි ළගදිම අපේ ඒලෙවල් රිසාල්ට්ස් රිලීස් වෙන කතාවක් තියෙනවා.. ඊටපස්සෙ ඉතින් තත්වෙ මොන මොන විදියට වෙනස් වෙයිද කියන්න බැරි නිසා අපේ උන් එහෙ මෙහේ යන්න කතාකරගෙන මේ ටිකේ.. සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ දාගත්තු ගමන් නම් මට පහුගිය කාලෙ යන්න බැරි උනා කෝස් එක නිසා.. දැනුත් ඉතින් එහෙම තමයි ඒ වුණාට ඒකත් ඉවරවෙන්න ළග එකේ ගෙදරිනුත් අවුලක් නැති නිසා මාත් සෙට් උනා උන්ට.. රිසාල්ට්ස් එන්න කලින් නිදහස භුක්ති විදින්න ඕන.. අනික එදා තාත්තත් කිව්වනෙ රිලැක්ස් එකේ ඉන්න කියලා.. කොහොමහරි ඉතින් නිකේශ්ගෙ තාත්තගෙ කාර් එක ඉල්ලගෙන අපි කට්ටියම මිරිස්සෙ යන්න හිතුවා..

" අඩෝ සනුල්ව ගන්නෝ කිව්වෙ කොතනින්ද..? "

නිකේශ් වාහනේ ස්ලෝ කරන ගමන් එහෙම ඇහුවේ වරාය කිට්ටුව වටපිට බලන ගමන්.. සනුල්ගෙ ගෙවල් මේ හරියෙනෙ.. නේවි කෑම්ප් එක ඉස්සරහ ඇතුල් පාරෙ.. අපි ඉස්සර ඌට විහිලුත් කරනෝ කුණු ඇළෙන් නාලා ඇවිත් කියලා.. දැන් නම් ඉතින් ඒවා කියන්නෑ..

" ආර්පිකෝ එක ගාව ඉන්නෝ කිව්වෙ.. "

මියුරු ශට්ල් එකෙන් එලියට ඔලුවත් දාලා බලන ගමන් කිව්වෙ..

" අර ඉන්නෙ.. "

නිකේශ් එහෙම කියන ගමන් වාහනේ ආර්පිකෝ එක ගාවින් ස්ලෝ කරලා නැවැත්තුවා..

" කීයටද හුත්තො උබලා එනවා කිව්වෙ..!? බලහන් මං පැයක් තිස්සෙ මෙතන හිටගෙන..! "

සනුල් සුවහසක් ජනී ජනයාට ජාතිය අමතන ගමන් වාහනේට නැගලා දොර වැහුවෙත් ගැලවිලා යන සයිස් එකෙන්..

අලු ඇස් | ᴏɴʜᴏʟᴅWhere stories live. Discover now