02

913 112 18
                                    

සති තුනක් ගෙවුණා මං මරදානේ ගිහින් ඇවිත්.. සති දෙකයි දවස් හයක් ගෙවුණා ශ්වේත්ට මං අන්තිම ලියුම යවලා.. සති තුනයි දවස් දෙකක් ගියා ශ්වේත්ගෙන් අන්තිමටම මට ලියුමක් ලැබිලා.. ඉතින් කාලය කියන දේ හරි ඉක්මනින් ගෙවිලා ගිහින්.. හැබැයි වෙනදාට වඩා වෙනස්කම් එක්ක.. ශ්වේත්ගෙන් සති දෙකකට සැරයක්වත් ලැබෙන ලියුම මේපාර සති තුනක් ගිහිනුත් තවම නෑ.. හීනියට බයකුත් නැත්තෙම නෑ.. එයාට කරදරයක්වත්ද..? ඒත් කිසිම විස්තරයක්වත් හොයාගන්න මං ගාව අඩුම ශ්වේත්ගෙ ෆෝන් නම්බර් එකවත් නෑනෙ..

" අම්මේ ලියුමක්ද..? "

බයික් එකකින් ඇවිත් හෝන් කරන සද්දෙට මං බැල්කෙනියෙන් එබිලා පල්ලෙහා හිටපු අම්මගෙන් ඇහුවෙ.. මේ වෙලාවට, ඒ කියන්නෙ උදේ 9 - 10 ත් අතර බයික් එකකින් ඇවිත් හෝන් කරනවනම් ඒ අනිවා ලියුමක් තමයි.. කාලයත් එක්ක කොච්චර දේවල් වෙනස් වෙලාද කියනවනම් ඒකට හොදම උදාහරණය මේක.. අපි පොඩි කාලේ ලියුම් බෙදන මනුස්යාට දැක්කෙ ෆුට් බයිසිකලේ ඉස්සරහ කූඩෙක ලිවුම් ටිකකුත් දාගෙන අදාළ යුනිෆෝම් එකත් ඇදගෙන කැප් එක දාගෙන ගේ ගාවට ඇවිත් බෙල් කරන කෙනෙක්ව.. හැබැයි දැන් දකින්න වෙන්නෙ මෝටර් බයික් එකක හෙල්මට් දාලා ජැකට් ඇදලා හෝන් කරන මනුස්සයෙක්ව.. කාලය මැවූ වෙනසක අරුමේ.. මෙහෙමයි ඉතින්, කාලීන වෙනස් වීම් කියන දේ හුගක්ම සාමාන්‍යයි තමයි.. ඒ වුණාට අර සමහර දේවල් තියෙනවා අපිට හිතට තදින්ම කාවැදුණු.. එහෙම දේවල් වෙනස් වුණාම ටිකක් අපි හිතනවා වැඩියි නෙ.. බැරෑරුම්ව නෙවෙයි.. හරිම සාමාන්‍ය විදියට..

" අම්මෙ ලියුම් මට ද..? "

" නෑ ලොකූ.. මේ එහාපැත්තෙ ගෙදරට ආව ලියුමක්.. ඊයෙ ඇන්ටි කිව්වා ලියුම් ආවොත් ගන්න කියලා.. එයාලා අද ගෙදර නෑනේ.. "

අම්මා කිව්වම මං ඔලුව වනලා ඇතුළට ආවා.. ඇත්තටම හිත මාරම බරයි.. වැඩක් කරන්නවත් හිතක් නෑ.. වෙලාවකට හිතෙනවා මං මේ ලියුම් හුවමාරු වැඩේට ඇඩික්ට් වෙලාද කියලත්.. කවදාවත් දැකලා නැති මනුස්සයෙක්ට ලියුම් හුවමාරුවකින් මෙච්චර බැදීමක් ඇති වෙන්න පුලුවන්ද..? හරි මෙහෙමයි, මේක පෑනෙ මිතුරා වගේ සම්බන්ධයක් තමයි.. ඒත් මං අහන්නෙ දන්න කියන මගෙ වටේ ඉන්න යාලුවොන්ට වඩා මේ කවදාවත් දැකල නැති ශ්වේත්ට ඇයි මං මෙච්චර කිට්ටුයි වගේ දැනෙන්නෙ කියලා.. ඒකට උත්තරේ හරියට මංවත් දන්නෙ නැතුවැති..

අලු ඇස් | ᴏɴʜᴏʟᴅWhere stories live. Discover now