" ඒ මං දැන් ගෙදරින් එනෝ.. උබ හන්දියට වරෙන්.. "" හා හා.. "
මං ෆෝන් එක සාක්කුවේ දාගෙන දොර ලොක් කරලා යතුරත් ගත්තා.. අද කෝස් එකේ අන්තිම දවස.. මියුරු එනවා කිව්ව නිසා හන්දියට යන්න ඕන.. කොහොමත් අද මං ගෙදර එද්දි පරක්කු වෙයි.. ඊට කලින් අම්මයි නංගියි ගෙදර එන නිසා යතුර තියලා යන්න ඕන සිතුම් මල්ලිලයි ගෙදරින්..
" ඇන්ටී.. "
මං සිතුම්ලයි ගෙදර ගේට්ටුව ගාවට ගිහින් ඇන්ටිට කතා කරලා තප්පර පහක් යන්න උනේ නෑ ඇන්ටි ආවා..
" පුතේ.. "
" ඇන්ටි මේ යතුර.. අම්මා හරි නංගි හරි එයි.. ආවම දෙන්න.. "
" ආ හරි පුතේ මං දෙන්නම්.. පුතේ අපේ කොල්ලගෙ ක්ලාස් ෆීස් ගැන කිව්වෙ නෑනේ..? "
ඇන්ටි ඇහුවාම තමයි මට ඒක මීටර් උනේ.. ඒ වුණාට ඉතින් මං කොහොමද කීයක්වත් ගන්නෙ මේ අහල පහළ මිනිස්සුන්ගෙන්.. අනික මං ගුරුවරයෙක්වත් නෙවෙයි නෙ..
" සල්ලි ඕන්නෑ ඇන්ටි.. මං ගුරුවරයෙක් නෙමෙයි නෙ.. "
" එහෙම හරි නෑනේ දරුවෝ.. පුතාගෙ මහන්සියට සාධාරණයක් තියෙන්න එපැයි.. අන්න අපේ පුතාගෙ යාලුවෝ දෙන්නෙකුත් ක්ලාස් එකට එන්න ඇහුවලු.. "
" ආ කමක් නෑ ඇන්ටි එන්න කියන්න.. "
මං ඊට පස්සෙ ඇන්ටිට ක්ලාස් ෆීස් ගැනත් හිතලා කියන්නම් කියලම එන්න ආවා.. ඇන්ටි කියනවා නොමිලේ ඉගැන්නුවම ඒ දේ අගයක් නෑලු.. ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙ නෑ.. කමක් නෑ බලමුකො..
" ඉක්මනින් යමං පරක්කුයි.. මොකද යකෝ කරේ මෙච්චර වෙලා..? "
මං එද්දී මියුරු ඇවිල්ලත් ඉවරයි..
" ගෙදර යතුර දීලා එන්න ගියා.. "
ඊට පස්සෙ ඉතින් කෙලින්ම දෙන්නත් එක්ක කෙලින්ම NIBM එකට ගියා.. අදින් පස්සෙ ඉතින් ආයෙ මේකට එන්නෙ certificate එක ගන්න තමයි.. කොහොම වුණත් මාස කීපයක් හරි ඉගෙනගත්ත තැන නිසාත් කෝස් එක නිසා සෙට් වෙච්ච සමහරු ආයෙ කොහෙදිවත් හම්බෙයිද කියලත් නොදන්න නිසා පොඩ්ඩක් විතර හිතට අවුල්.. ඒත් ඉතින් මේවට පුරුදු වෙන්න වෙනවා.. අවුරුදු දහ තුනක්ම ඉස්කෝලෙ ගිහින් එකට ඉගෙන ගත්ත එක බත්පත බෙදන් කාපු සමහර උන්ටත් ඒලෙවල් වලින් පස්සෙ අපිව අමතක වුණානම් තව මොන කතාද..! ඒ කතාව ශ්වේත් වුණත් එකසැරයක් කිව්වා.. ශ්වේත් කියන්නෙ යන යන තැන යාලුවො ඇති කරගන්න කෙනෙක්.. ඒත් එයාටත් ළගින්ම ආශ්‍රය කරන්න පුළුවන් කියලා කියන්න පුළුවන් යාලුවො ඉන්නෙ හරිම අතලොස්සයි..
YOU ARE READING
අලු ඇස් | ᴏɴʜᴏʟᴅ
Non-Fiction❝ ශ්වේත් එනකන් මෙතනට වෙලා බලාගෙන ඉන්න බැරි නිසා මං ෆෝන් එක අතට ගත්තා විතරයි කවුරුහරි ඇවිත් මගෙ පිටට තට්ටු කරලා හිමත්ද කියලා ඇහුවා.. මං ඔව් කියාගෙනම හැරෙද්දි දෙයියනේ මං රත් වෙලා ගියා..!! ඒ අර අලු ඇස්..!!! එහෙම කොහොමද වෙන්නෙ..!? ඒ අලු ඇස් කොහොමද මගෙ න...