10

592 92 17
                                    


" පුතේ කොහෙහරි යනවනම් යතුර ඇන්ටිට දීලා යන්න හොදේ.. "

උදේ අම්මා නංගිත් එක්ක යන්න ලෑස්ති වෙලා එහෙම කිව්වෙ..

" හරි.. කොහොමත් හවස් වෙලා ටවුන් එකට ගිහින් එන්න ඕන අම්මෙ.. "

" හා හා.. පොඩී එහෙනම් ඔයා එද්දි ඇන්ටිගෙන් යතුර ඉල්ලගෙන එන්න.. "

අම්මා නංගිට එහෙම කිව්වෙ නංගිට අද හවස ක්ලාස් නිසා.. එයා ගෙදර එද්දි පහ හමාර වත් වෙයි.. කොහොමත් මං ගෙදර එද්දි ඊටවඩා පරක්කු වෙයි අනිවාර්යයෙන්ම..

කොහොමහරි අම්මලා ගියාට පස්සෙ මං සිතුම් මල්ලිට දෙන්න දැනට කරපු පාඩම් වලින් ප්‍රශ්න වගයක් හදන්න ගත්තා.. අද මං අමතර ක්ලාස් එකක් දාන්න හිටියේ.. දැන් නම් කීයටවත් බෑ ඉතින්.. අද විශේෂයිනෙ..! ශ්වේත් එන්න කියලා තිබ්බ දවස අදනෙ.. කොහොම වුණත් හිතට මාරම අමුතුයි.. ජීවිතේට දැකලවත් නැතුව ලියුම් වලින් විතරක් කතා බහ කරපු කෙනෙක්ව මුල් වතාවට මුණගැහෙද්දී.. අවුලක් නෑ ඉතින්.. කවදහරි මුණගැහෙන්නත් ඕනිනෙ..

මං ඒ ගැන හිතන එක නවත්තලා ප්‍රශ්න හදන වැඩේට අවදානය දුන්නා.. ඊටපස්සෙ ඉතින් වෙලාව යනවා තේරුනේවත් නෑ.. මියුරුත් උදේ වරුවෙ කෝල් කරලා ට්‍රිප් එකක් යන්න කතා කරා.. ඌට නුවරඑළියෙ යන්න ඕනලු.. ඒ ගැනත් කතා කරලා ප්‍රශ්න ටිකත් හදලා ඉවර වෙද්දි දන්නෙම නැතුව වෙලාව දෙකයි හතළිස් පහයි..

මං එහෙන්මම හදපු ප්‍රශ්න කොල ටික ස්ටෙප්ලර් කරලා ශ්වේත්ව හම්බවෙන්න යන්න ලෑස්ති වෙන්න ගියා.. තුන විතර වෙනකොට මං ලෑස්තිවෙලා එළියට බැස්සෙ යන ගමන් යතුරත් එක්කම සිතුම්ට දෙන්න ප්‍රශ්න කොල ටිකත් අරගෙනම..

" ඇන්ටි අපෙ නංගි ඇවිත් යතුර ගනීවි.. මේ ප්‍රශ්න කොල ටික සිතුම්ට දෙන්න ක්ලාස් එන දවසට උත්තර ලියන් එන්න කියලා.. "

" හරි පුතේ.. සිතුම් ආවම මං දෙන්නම් පුතා දුන්නා කියලා.. "

ඇන්ටි එහෙම කිව්වාම මං ඇන්ටිට යන්නම් කියාගෙනම පාරට ඇවිත් ඊලගට ආව බස් එකේ නැග්ගා.. ගාල්ල බස්ටෑන්ඩ් එකෙන් බහිද්දි 3.30 ට ලගයි.. අපේ ගෙදර ඉදන් කොහොමත් වැඩි වෙලාවක් යන්නෙ නෑ ටවුන් එකට එන්න.. ශ්වේත් එන්න කිව්වෙ හතරට උනත් මං ආවා වේලාසන වැඩියි ඉතින්.. අවුලක් නෑ කොටුවෙ එහාකොනේමනෙ Dutch Cafe එක තියෙන්නෙ.. පයින් යද්දී වෙලාව හරි..

අලු ඇස් | ᴏɴʜᴏʟᴅWhere stories live. Discover now