15

875 107 46
                                    

" The number you dialed is busy right now.. Please try again later.. ඔබ ඇමතූ දුරකතන අංකය_ "

මං ෆෝන් එක පැත්තකින් තිබ්බෙ කලකිරීමෙන්.. එකම රෙකෝඩ් එක මට දැන් දෙවෙනි සැරේටත් ඇහුණා.. ශ්වේත්ගෙ ෆෝන් එක බිසී.. විනාඩි පහක් තිස්සෙ බිසී..

" The number you dialed_ "

මං ෆෝන් එක ඇද උඩට දැම්මෙ කේන්තියෙන්.. ඇත්තටම මට කේන්තියි.. මං ඊයෙ එයාගෙ කෝල්ස් ආන්ස්වර් නොකරපු නිසාද මේ..!? මගේ හිත එකේක හේතු හොයන්න ගත්තා.. ආදරේදි බොලද වෙනවා කියන්නෙ මං හිතන්නෙ මේක වෙන්න ඇති..

ආදරෙ..? මං හිතන්නෙ මියුරු කියපු දේවල් හරි.. මට තවත් මගේ හිත රවට්ටගන්න බෑ.. මං දන්නෑ එයාට මං කවුද කියන්න.. ඒත් මං දැන් දන්නවා එයා මට කවුද කියලා කියන්න.. මට අනුව යාලුවෙක් කියලා හිතන්න බැරි වුණ එයාට මං ආදරෙයි..!

ඒත්.. මං හිතන්නෙ මගේ හැගීම් එයාගෙන් හංගන එක තමයි හොද.. එයාගෙ හිත මාව හොද යාලුවෙක් විදිහට පිලිගන්නවා නම් මට ඕන නෑ ඒ බැදීම පලුදුවෙනවා දකින්න.. සමහරවිට හැමදාටම මේක අප්‍රකාශිත ඒකපාර්ශ්වික ආදරයක් විදියටම තියෙයි..

Phone Ringing ~

ඇද උඩ තිබ්බ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තම මගේ කල්පනාව බිදුනා.. ඒත් කෝල් අයිඩී එක දැක්ක ගමන් ආයෙම හිතට කේන්තියක් එක්ක රිදීමක් එකතු වෙද්දි ටිකක් වෙලා රින්ග් වෙන්න දීලා මං කෝල් එක ආන්ස්වර් කරලා කනේ තියාගත්තෙ එහාපැත්තෙන් මං ඊයෙ මගෑරිය කෙනාගෙ කටහඬ බලාපොරොත්තුවෙන්..

" හිමත්..? "

පුරුදු විදියටම ගැඹුරු කටහඩින් මගේ නම කියද්දී මං නිශ්ශබ්දව හිටියා.. මගෙන් කිසි උත්තරයක් නැති නිසාද කොහෙද ඒ කටහඩ ඊලගවතාවෙ ටිකක් නොසන්සුන් උනාද මන්දා..

" හෙලෝ..!? හිමත්..? "

" ඔයාගෙ ෆෝන් එක බිසී වැටුනා.. "

මං හොද හුස්මක් අරන් එහෙම කිව්වත් තප්පර කිහිපයක් යනකන්ම එයා මුකුත්ම කිව්වෙ නෑ..

" ම්ම්.. ගෙදරද ඉන්නෙ..? "

" ඔව්.. "

You've reached the end of published parts.

⏰ Last updated: Aug 29, 2024 ⏰

Add this story to your Library to get notified about new parts!

අලු ඇස් | ᴏɴʜᴏʟᴅWhere stories live. Discover now