" සල්ලි සල්ලි දෙවියන්ගේ මල්ලි සල්ලි සල්ලි__ "
මන් මුමුණ මුමුණ ආපු සින්දු කෑල්ල ගිලිලා කට බාගෙට ඇරුණේ මට ටිකක් දුරින් පේන අදහාගන්න බැරි පුදුමාකාර දර්ශනය දැකලා.. හත්තික්කේ අර මියුරියා නේද.. අර මොකාද අර ජැන්ඩියට ඇඳගෙන මේකි එක්ක කතා කරන්නේ.. පොර හිටියේ shades දාලා.. මේකි මටත් නොකියා මල් කුමාරයෙක් සෙට් කරගෙනද යකොව්.. හරි හරි බොට හරියනකොට අපි කැලේ නේත.. අනේ අම්මපා මෙහෙමත් යාලුවෝ.. මට නිකමට කටින් කෙල බිඳක් හෙලුවෙ නෑ ඔහොම සීන් එකක් ගැන..
මන් ටික ටික ළං වෙනකොට තමා ඉන්නේ මොකාද දැක්කේ.. මූට මොකක්ද මියුරි එක්ක කතා කරන්න තියෙන්නේ.. තව ටිකක් ලං වෙද්දි කොහෙන්දෝ මන්ද අර ශෙහානා සක්කරවට්ටම ඇවිත් අන්න අරකාගේ ඇතේ එල්ලුනා. මේකිටනම් ඉතින් එල්ලෙන්නනම් බූරු පැටියෙක් වුණත් කමක් නෑ.. මන් ඇස් හීනි කරලා බැලුවෙ මියුරියාගෙ මූණ දිහා එච්චර හොඳ මූඩ් එකක්නම් නෙවෙයි තියෙන්නේ... බලමුකෝ ගිහින් මූ මොනා කියලාද දන්නෑ... මූ දකිද්දිත් සෙරෙප්පුවෙන් ගහන්න හිතෙනවා මට.. හැකර පණූ ගස් ගෙම්බා..
" මොකද මියුරි මොනාද මෙයාලා කියන්නේ "
මන් ගිහින් මියුරිගේ අතකින් අල්ලගෙන එහෙම ඇහුවේ අර ගස්ලබ්බිටයි , ගස් ගෙම්බටයි දෙන්නටම හැටට හැටේ රවලා..
" ආ ඔය කියනකොටම ආවේ අර ඔයාගෙ පස්සෙන් එන ජරා කෙල්ල.. ශේන් බබා ඔයා දන්නවනේ මන් කොච්චර නම්බුවක් තියන්ද මේ කැම්පස් එකේ ඉන්නේ කියලා මෙයා එදා යකෙක් වැහිලා වගේ මගෙ බෙල්ල මිරිකපු වෙලේ මන් එතන කොච්චර ලැජ්ජ වුණාද.. මට ඒකට return එක දෙන්නම ඕනි හරිද"
අනේ අම්මපා මෙහෙමත් මලසමයන් උදේ පාන්දර බලන්න වුණානේ... අද උදේ ඉදන් විකාර මගුල්මයි වෙන්නෙ.. හොඳ එකකට කියලා වුණේ බකමූණා පෙත්ත බීලා නැතුවද කොහෙද මන් දුන්න ශර්ට් එක ඇඳගෙන ඔෆිස් ගිය එක විතරයි...
අන්න අර සක්කරවට්ටම ශේන් කාරයාගේ ඇගේ එල්ලි එල්ලි කටත් උල්කරන් කියෝනවා.. මේකිගේ රෙද්දෙ නම්බුව ඉතින් මගේ කටින් අහගන්න තමා ඔය දගලන්නෙ...අනික මන් පස්සෙන් එනවලු.. එදා කාපු ටික ආයෙ මතක් කරලා දෙන්න වෙයි වගේ...
YOU ARE READING
නීල නුවන්
Non-Fictionකරුමෙකට තියෙන්නේ පුතාලා තුන් දෙනාම නිවුන්නෝ! මූණේ හැඩේ , හමේ පාට විතරක් නෙවෙයි කොණ්ඩේ කපලා තියෙන විදිය පවා එක වගේ..ඒ හැමදේම සමාන වුණාට පෙනුමෙන් අඳුරගන්න තියෙන එකම අසමාන දේ තමා ඇස්. එයාලාගේ ඇස් තුන්දෙනාට තිබුණේ වෙනස් පාටවල්.. Started -: 2023.11.06 ...