වෙනදට වඩා අව්ව ගොඩක් සැරයි. හම පිච්චෙන්න තරම්. ඒත් ඒ අව්වෙ සැරටත් වඩා මන් ගිනිඅරන් හිටියේ. හැමදාම මේ කොහෙවත් යන උන්ගේ කතා අහන්න තරම් මන් උන් තරම් පහතට වැටිලා නෑනෙ. මන් මගේ ඉස්සරහා හිටපු සක්කරවට්ටම් ටිකට රැව්වේ දැන් ටිකකට කලින් කියපු ජරා කතාවට කේන්තියටමයි.
" මොකද රවන්නේ ආ. ඇයි මම බොරුද කිව්වේ. ශේන් මගේ බෝයි. උබ අනුන්ට අයිති අය අල්ලගන්න හරි ආස ඇති නේ. දන්නවද අනුන්ගේ කොල්ලො පස්සේ යන උන්ට කියන නම.. "
මූණ පුරා මේකප් නාගෙන රතුපාට ලිප්ස්ටික් උලාගෙන හිටපු ශෙහානා ඒක කිව්වෙ කට කොනකින් හිනාවකුත් මවාගෙන.. අනේ මේකිගෙ බෝයි. තව කීයක් ඉන්නවද දන්නෑ එයා මගේ ගාන..මගේ අතමිට මෙලවුණේ ඉබේටමයි. ඇති දැන් හොඳටම ඇති. ඉවසනවා කියලා මෙහෙමත් ඉවසන්න හහ්. ශෙහානා ආයෙත් කට අරින්න කලින් මගේ අත ගියේ එයාගෙ බෙල්ලට.
" මොකක්ද උබ කිව්වේ! "
ශෙහානා කිව්ව කතාවට මට මාව පාලනය කරගන්න බැරි වුණා. මන් කෑගහන ගමන් එයාගෙ බෙල්ල තදින් මිරිකුවේ තරහාටමයි. ශේන් මන් කලින් යාලුවෙලා හිටපු බෝයි. ඒත් එයාගේ ඇත්ත ස්වරූපේ දැනගද්දි මන් ඕනවටත් වඩා පරක්කුයි. මාත් එක්ක යාලුවෙලා ඉන්න ගමන් තවත් කෙල්ලො තුන හතරක් එක්ක නටලා.. ඒ කෙල්ලොන්ගෙන් එක්කෙනෙක් ශෙහානා. ශෙහානා හිතන් ඉන්නේ මන් ශේන්ගේ පස්සෙන් ගියා කියලා. ශිට් මේකිගේ බෙල්ල මිරිකලා මදි..
ශේන් මට කරපුවත් මතක් කරලා කේන්තියටම මන් ශෙහානාගේ බෙල්ල තවත් තද කරා. මන් මෙහෙම කතා අහන්න මොකක්දා කරේ.. ශේන්නේ කෙල්ලොන්ව අල්ලෙ නටවන්නේ. මේ ටිකේම මන් ඉවසුවා එක එක කතාවල්.. ඒත් ඕනම දේක ඉවරයක් තියෙන්න ඕනි.
ශෙහානා එක්ක ආපු අනිත් කෙල්ලො දෙන්නා මාව එහාට තල්ලු කරද්දි මන් තල්ලු වෙලා ගිහින් බිම වැටුණා. මන් දැක්කා ශෙහානා බෙල්ල අල්ලගෙන කහිනවා. ඒ වෙද්දිත් කැම්පස් එකේ හිටපු ගොඩක් අයගෙ ඇස් තිබ්බෙ අපේ දිහාවට. මට ලැජ්ජයි. ඒත් මේකි කියන ඒවට මන් හැමදාම ලැජ්ජ වෙනවා වැරැද්දක් නොකරත්.. ඒ නිසා අද මන් ඕන දෙයක් වෙත්දෙන් කියලා පස්සට එක අඩියවත් තියන්නෑ.. හැලගෙම්බි..
STAI LEGGENDO
නීල නුවන්
Saggisticaකරුමෙකට තියෙන්නේ පුතාලා තුන් දෙනාම නිවුන්නෝ! මූණේ හැඩේ , හමේ පාට විතරක් නෙවෙයි කොණ්ඩේ කපලා තියෙන විදිය පවා එක වගේ..ඒ හැමදේම සමාන වුණාට පෙනුමෙන් අඳුරගන්න තියෙන එකම අසමාන දේ තමා ඇස්. එයාලාගේ ඇස් තුන්දෙනාට තිබුණේ වෙනස් පාටවල්.. Started -: 2023.11.06 ...