" ආහ් "
නින්ද ගිහින් හිටපු මන් එකපාරට ඇහැරුනේ මගේ යටිපතුලෙන් දැනුන වේදනාව නිසා.. ඒ නිසා මන් ඇස් පියාගෙනම කකුල ඇදලා ගන්න හැදුවේ ඒත් මගේ කකුල කවුරුහරි අල්ලගෙන..
" ඔහොම දගලන්නෙ නැතුව ඉන්නවා.."
ඒත් එක්කම ඇහුණ ගැඹුරු කටහඬට මගේ ඇස් නිකන්ම ඇරුනා.. අර චුයිගම්කාරයා නේද යකෝ මේ.. මගේ කකුල අල්ලන් මොකක්ද මේ නටන නාඩගම.. අතවර කරන්නද හදන්නෙ මේ යකා.. සැක් සැක්ම සැක්.. බකමූණා වගේ හිටියට දැන්නෙ මේකාගෙ මගුල් පටන් අරන් තියෙන්නේ ඉදාම්කො
" ලැජ්ජ නැද්ද ඕ__ ආව්"
මන් විද්වානයාව තල්ලු කරලා කකුල ඇදලා ගද්දි යටිපතුල දැවිල්ල ගත්තා.. ආව් ඒක ගොඩක් දැවිල්ලයිනෙ.. මේ යකා මාව මරන්න කුමන්ත්රණයක්වත් කරලාද.. ජීවිතේට මගේ රූම් එකට පය ගහලා නැතුව අද ඇද ළඟටම ඇවිත් බිම දණගහගෙන මගේ කකුලක් අල්ලන් දගලන්නේ..
" හරිනේ... මෙහෙ දෙනවා.. වීදුරු කටුවලට කකුල් කපාගෙන අපිට වදදෙනවා "
එහෙම කිව්වම මට මතක් වුණේ සාලෙදි වීදුරුව බිම වැටුණු වෙලේ වීදුරු කටු උඩින් මන් ගියේ කියලා.. විද්වාන් මගේ කකුල ආයෙ ඇදලා අරන් එයා ළඟ බිමින් තිබුණු first aid box එකෙන් පුළුන් කෑල්ලක් අරන් වතුරෙ පොගවලා හෙමින් හෙමින් මගේ යටිපතුලේ තුවාල වුණු තැන්වල තිබ්බා.. එයා ඒක කරේ පුදුම පරිස්සමකින්.. හරියට පොඩි ලමෙක්ගේ තුවාලෙකට බෙහෙත් දානවා වගේ.. අනික පුළුන් කෑල්ල තියලා ගන්න වාරයක් ගානේ එයා මගේ යටිපතුලට තොල් ලං කරලා පිම්බා.. ඒ හුස්ම යටිපතුලේ වැදෙන හැමසැරේම මගේ ඇඟ දිගේ හිරියක් යනවා දැනෙනවා.. එයා එහෙම කරද්දි මන් හිටියේ ගල් වෙලාවගේ.. මේවා අදහාගන්න බැරි සිද්ධි යකොව්.. මගේ ඇගේ හිරිකඩුත් පිපිලා මේ යකා කරන වැඩ වලට.. එකපාරට මොකද මේ වෙස්මූණ පෙරලිලා මේකාගෙ..
අනික මන් රූම් එකට ආවෙ කොහොමද මන් හිටියේ සාලෙනෙ.. තාත්තාගෙ දිහා බලන් එතන ඉස්සරා පුටුවක ඉඳගෙන.. ඒත් දැන් මන් මෙතන.. මට නින්දවත් ගියාද? අර ඇදුම්මයි ඇදන් ඉන්නෙත්..
" මේ බක_ නෑ අයියෙ මන් රූම් එකට අවේ කොහොමද? "
" නින්දෙන් ඇවිදගෙන "
ESTÁS LEYENDO
නීල නුවන්
No Ficciónකරුමෙකට තියෙන්නේ පුතාලා තුන් දෙනාම නිවුන්නෝ! මූණේ හැඩේ , හමේ පාට විතරක් නෙවෙයි කොණ්ඩේ කපලා තියෙන විදිය පවා එක වගේ..ඒ හැමදේම සමාන වුණාට පෙනුමෙන් අඳුරගන්න තියෙන එකම අසමාන දේ තමා ඇස්. එයාලාගේ ඇස් තුන්දෙනාට තිබුණේ වෙනස් පාටවල්.. Started -: 2023.11.06 ...