" රුවී, මන් යනවා.. පරිස්සමින් ඉන්න දුව"
එකපාරටම තාත්තාගෙ කටහඬ පිටිපස්සෙන් ඇහෙද්දි මට පුදුම හිතුනා..මේ වෙලාවෙ තාත්තාගෙ කටහඬ කොහොමටවත් බලාපොරොත්තු වුණේ නෑ.. මන් ඉක්මනින් ඒ පැත්ත බැලුවේ තාත්තා කිව්ව දේ අමුතුයි වගේ දැනුන නිසා..
" තාත්තා කොහෙද යන්නේ "
ඒ වෙද්දිත් තාත්තා මට පිටුපාලා ඉස්සරහට ඇවිදන් යන ගමන් හිටියේ.. කොහෙද යන්නෙ අහද්දිවත් තාත්තා බැලුවේ නෑ...
" තාත්තේ "
මන් දුවලා ගිහින් තාත්තාගෙ අතින් අල්ලගත්තා.. මට බය හිතුනේ තාත්තා මේ විදියට හැසිරිලා නැති නිසා... තාත්තා කොහෙද මේ යන්නේ..
" මට අමාරුයි රුවී "
තාත්තා ඒ වචන ටික කියලා ඉවර වෙනවත් එක්කම වැටෙන්න යද්දි මන් තාත්තාව අල්ලලා එතන බිමින් ඉන්දෙව්වා..
" අනේ තාත්තේ ඇයි මේ , කතා කරන්න "
මගේ ඇස්වලින් එක පොදියට කදුලු කඩන් වැටෙද්දි මන් බිමින් දණගහන් තාත්තාව බදාගත්තා.. ඇයි මේ මොකක්ද එකපාරට වුණේ..
" තාත්තේ.... "
මන් හයියෙන් කෑගහන ගමන් නැගිට්ටෙ වුණ දේත් එක්ක.. මට හොඳටම දාඩිය දාලා.. ඒක හීනයක්ද.. වට පිට බලද්දි තේරුනේ මේක මගේ රූම් එක.. දෙයියනේ මන් මොකක්ද ඒ දැක්කේ.. නෑ නෑ ඒක හීනයක් විතරයි රුවියෝ.. මගේ ඔලුවත් හොඳටම රිදෙනවා.. නිකන් පොල්ලකින් ගහලා වගේ..
ඔලුවත් අල්ලන් මන් ඔරලෝසුව දිහා බැලුවේ මාව මෙතෙන්ට උඩින් පාත් වෙලා වගේ හැඟීමක් දැනුන නිසා.. හතරයි වෙලාව.. මන් කර්ට්න් එක එහාට කරලා ජනේලෙන් එළිය බැලුව දවල්ද රෑද හොයාගන්න බැරුව. කලුවර වෙආනේ ඒ කියන්නේ මේ පාන්දර.. මන් ඇදන් හිටියේ කලින් ඩිනර් එක ගන්න් යද්දි ඇන්ද ඇදුමමයි.. මෙහෙම මන් නිදාගන්නෑනෙ.. මොකක්හරි වෙලා තියෙයි..
හත්තික්කේ මන් ඇදට ආව විදියහත් මතක නෑනෙ.. ඩ්‍රින්ක්ස් මොනාහරි ගත්තද.. නෑ නෑ වෙන්න බෑ මගේ ප්‍රතිපත්තියෙන් පිටයන්නෑ මන් සාමන්යෙන්.. මට නින්ද ගිහින් බකමූණා මාව උස්සන් ආවා වෙන්නත් පුලුවන්.. මොකද ඒ මිනිහා එක්කනේ මන් ආපහු ගෙදර යන්නත් හිටියේ..

YOU ARE READING
නීල නුවන්
Non-Fictionකරුමෙකට තියෙන්නේ පුතාලා තුන් දෙනාම නිවුන්නෝ! මූණේ හැඩේ , හමේ පාට විතරක් නෙවෙයි කොණ්ඩේ කපලා තියෙන විදිය පවා එක වගේ..ඒ හැමදේම සමාන වුණාට පෙනුමෙන් අඳුරගන්න තියෙන එකම අසමාන දේ තමා ඇස්. එයාලාගේ ඇස් තුන්දෙනාට තිබුණේ වෙනස් පාටවල්.. Started -: 2023.11.06 ...