දෙවන කොටස

292 30 11
                                    

මන් සෙනේෂා අක්කව හොයන් යද්දි ෆෝන් එකට කෝල් එකක් ආවා..

ආහ් මේ හෝන්තුව..

" හෙලෝ "

" තෝ මොකක්ද යකෝ අර කරලා තියෙන්නෙ අද "

මන් ෆෝන් එක කනෙන් එහාට කරේ කනකඩාගෙන යන තරම් බෙලෙක්ක කටහඬක් එහාපැත්තෙන් ඇහෙද්දි..

" මොකක්ද බන් කෑගහන්නේ කනත් බීරි වුණාද කොහෙද "

" අර නැට්ටිච්චි එක්ක උබ වලියට ගියාද? "

ආහ් ඔය ගිහින් තියෙන්නෙ වෛරස් එක හතර වටේ.. ඒත් මන් බැලුවා මොකද පරක්කු කියලා..

" මේ මියු උබ දන්නවනේ.. ඒකිනේ ඕයි මාත් එක්ක වලියට එන්නෙ මට අද මලපැන්නා "

" මන් උබට කිව්වනේ ඉවසපන් කියලා.. මන් නැති වුණා විතරයි නාගන්නවා.. අන්න අරකිගේ බෙල්ල මිරිකන එක හතර වටේ share වෙනවා.. "

" උබ කියන්නෙ අරකි අච්චර බලු කතා කියද්දි තව ඉවසන්න කියලාද? අනේ මේ මියුරි මගෙන් අහගන්නෙ නැතුව තියපන් ඕක රෙද්ද.. ඔක්කොම එකයි එහෙන් අර බකමූණා ඒ මිනිහා හිතන්නෙත් මන් එතන එල්ලි එල්ලි ගියා කියලා දැන් උබත් මගේ ඔලුව කාපන් "

" එහෙම නෙවෙයි රුවී.. අර ශේන් ගැන උබ දන්නවනේ.. ශෙහානා දැන් නැලවි නැලවි ගිහින් කියයි උබ බෙල්ල මිරිකුවා කියලා නහයෙන් අඬයි.. ඊට පස්සේ එතන යන්නේ වෙන නාඩගමක්නේ.. අනික ශේන් ඌ දන්නවා කෙල්ලෙක්ගේ චරිතේ හරි ලේසියෙක් විනාශ කරන්න ඒකයි ඕයි මන් කිව්වේ.. පොඩ්ඩක් පස්ස කැඩිච්ච කඩියෙක් වගේ දගලන්නැතුව හිතලා වැඩක් කරපන්කෝ "

" මන් හිතලා තමා බෙල්ල මිරිකුවේ.. අනික ශේන්ට මන් බය නෑ.. ඌට බෑ මොකුත් කරන්න.. එන්න කියපන්කෝ ඕකාට කොහොමත් මට ඌටත් උගන්න පාඩමක් තියේ.."

" අනේ මේ තොට කියන කට හොඳයි ගලක උලා ගන්නවා.. මන් තියනවා.. ඕන මගුලක් කරගනින් "

" ඒ ඒ පොඩ්ඩක් හිටපන්.. මේ උබට කොහොමද දැන්... "

මියුරි අද කැම්පස් ආවෙ නැත්තේ හෙම්බිරිස්සාවක් හැදිලා.. ඊයෙත් සූස් සූස් ගගා හිටියේ.. අද ටිකක් අමාරුවෙලා උදේ මැසේජ් එකක් දාලා තිබුණා කැම්පස් එන්න වෙන්නෙ නෑ කියලා...

නීල නුවන්Donde viven las historias. Descúbrelo ahora