" උබට කියන්න බන් සිරාවට මෙච්චර නෝන්ඩි වුණේ නෑ මතක ඇති දවසක"
මන් මගේ නැති වුණු නම්බුව ගැන මියුරියාට ශෝකය ප්රකාශ කරන ගමන් හිටියේ.. අපි මේ ලෙක්චර්ස් ඉවර වෙලා ශොපින් මෝල් එකකට ආවා අර ත්රිබලට gifts ගන්න..
" යසයි උබෙත් කට දැනගන්න ඇති කට්ටියම.. අනේ අම්මාපා බන් උබටත් පිස්සුනේ.. විද්වාන් ඊයේ ශෙහානා එක්ක වුණ දේ මාමාට කියනවනම් මෙලහකටත් කියලා.. "
මියුරි කියද්දි මටත් එහෙම හිතුනා.. අද උදේත් මාමා ඒ ගැන් මොකුත් කිව්වෙ නෑ.. ඒ කියන්නේ අර මගුල් හෝතබුවා මාව බය කරන්න මාමාට කියනවා කියලා කියන්න ඇත්තෙ.. අනෙහ් මන් බයවෙයි බස්සා..
" මටත් දැන් එහෙම හිතෙනවා.. "
" දැන්ද හිතෙන්නෙ තොට "
" මේ අහපන්කෝ..ඒක නෙවෙයි බන් දැන් ප්රශ්නේ... අර මිනිහා දැන් කලින්ට වඩා හපන්.. දකින දකින තැන රවනවා අම්බානෙට.. අද උදෙත් යුමේෂ් අයියා කෑම කද්දි බකමූණු සීන් එක ඇදලා අරන් එතන මලකෙලියක් වුණා.."
මන් මියුරියාට කිව්වේ අද උදේ වුණ දේ ගැන මතක් කරන ගමන්..
" එහ් රුවී ඔයා නියම නම ගැළපෙනම කෙනාට දාලා ආ"
යුමේෂ් අයියා කෑම මේසෙදි බකමූණු සීන් එක ඇදලා ගත්තේ ඔහොම..මේ යකාටත් කටපියන් ඉන්න බෑනේ.. මන් කිරිහොදි තිබ්බ bowl එක අතට ගන්න ගම්න් හිටියේ... ඒ අස්සේ අර මනුස්සයා කිව්ව කතාවට ඌටත් රවලා විද්වාන්කාරයා දිහාවට ඇස් යවද්දි මූ මාව කන්නව වගේ රවනවා කියහන්කෝ.. අතේ තිබ්බ කිරිහොදි bowl එක දඩස් ගාලා මේසෙ උඩට අතෑරුනා ඒක දැකලා.. bowl එකත් බිදිලා කිරිහොදි ටික හැමතැනම ගියා..
බකමූණා මගේ ඉස්සරහා හිටිය නිසා ඒ පැත්තට වැඩියෙන් කිරිහොදි විසිරිලා ගිහින් ඒ යකා ඇදන් හිටපු සුදුපාට ශර්ට් එකෙත් ගැවුණා.. මල කෙලියයි..
"ශිට්.. මොන මගුලක්ද අයිසේ කරන්නෙ "
එහෙම කෑගහගෙන විද්වාන් නැගිටිද්දි මට කෙලත් ගිලුනා.. මගේ වැරැද්ද නෙවෙයි බෝල් එකේ වැරද්ද.. ඔච්චර සල්ලි තියෙන එකේ බාල බඩු අරන්නෙ මේ මිනිස්සු.
ESTÁS LEYENDO
නීල නුවන්
No Ficciónකරුමෙකට තියෙන්නේ පුතාලා තුන් දෙනාම නිවුන්නෝ! මූණේ හැඩේ , හමේ පාට විතරක් නෙවෙයි කොණ්ඩේ කපලා තියෙන විදිය පවා එක වගේ..ඒ හැමදේම සමාන වුණාට පෙනුමෙන් අඳුරගන්න තියෙන එකම අසමාන දේ තමා ඇස්. එයාලාගේ ඇස් තුන්දෙනාට තිබුණේ වෙනස් පාටවල්.. Started -: 2023.11.06 ...