Chapter 10🌟

809 87 17
                                    

මිස් පුරුදු කැසට් එක ප්ලේ කරන්න කලින් ඕනෙ දෙයක් වෙච්චාවෙ කියලා මන් සින්දුව කියන්න හා කියද්දි මිස්ගෙ කතාව එතනින් නැවතුනා .

ඒ එක්කම මන් අපෙ උන් හතර දෙනා දිහා බැලුවේ මාව මේකට හේත්තු කරන්න ඇත්තෙ උන් හතර දෙනා කියලා හොදටම දැනගෙන . මොකද මට සිංදු කියන්න පුලුවන් කියලා දන්නෙ උන් හතර දෙනා විතරක් නිසා . කොටින්ම අම්මයි තාත්තයිවත් මට සිංදු කියන්න පුලුවන් කියලා කවදාවත් දැනන් උන්නෙ නෑ .

------------------------------------------------------------------------

අන්තිමට කොච්චර බෑ කිව්වත් මිස්ගෙ බර බරේ නිසාම මන් සිංදුවක් කියන්න හා කිව්වත් මීට කලින් අරුන් හතර දෙනා නැතුව වෙන මොකෙක් ඉස්සරහවත් සිංදුවක් කියල තිබුනෙ නැති නිසා මට අමුතුයි අමුතුයි වගේ එකක් හිතුනා . අනික උන් හතර දෙනාත් මන් සිංදු කියනවා අහල තියෙන්නෙ අපි පස්දෙනා එකතු උනහම පිස්සු කෙලින වෙලාවල් වලදි විතරක් නිසාත් මට හිතෙන්නෙම බැ කියලමයි . උනුත් හරියට මන් කියන සිංදුවක් අහලා නැති නිසා කියන්න යන සිංදුව අව්ල් වෙයිද කියලත් හිතුනා . අනික අපි සිංදු කියන්න ගත්තම කියන්නෙ මෙලෝ යකෙක්ට අහන්න පුලුවන් ඒවා නොවෙද්දි ගැලපෙන සිංදුවක් හොයාගන්න බැරුවත් මන් පිස්සු කෙලියා .

කොහොමින් කොහොම හරි ඉස්කෝලේ ඇරිලා ගෙදර යද්දිත් ගෙදර ගිහිල්ලත් මන් කියන්න සිංදුවක් මතකෙට එන්නෙ නැතුව වැලලෙන්න හදද්දි අන්තිමටම මට එකක් මීටරේට ආවා . එවලෙම තාත්තා මට පොඩි කාලෙ අරන් දුන්න ගිටාර් එකත් අරගෙන සිංදුව ප්‍රැක්ටිස් වෙන්න ගත්තෙ හෙට උදේ ඉස්කෝලේ ඉස්සරහ ලැජ්ජ වෙන්න වෙයි කියලා හිතුන නිසා .
.
.
.
.
ඒ දවසත් ගෙවිලා ගිහින් මන් පහුවදා ඉස්කෝලේ යන්න ලෑස්ති උනේ යන්දෝ නොයන්දෝ කියලා හිත හිත . අන්තිමට ඔන්නොහේ ගියොත් වචනයක් ආවොත් ඇතෙක් කියල යන්න ලෑස්ති උනේ වෙන කොරන්න දෙයක් නැති නිසා . ඒ එක්කම ඇද උඩ තිබ්බ මගෙ ෆෝන් එකට නොටිෆිකේශන් එකක් ආවෙ මන් ෆෝන් එක අරගෙන බලද්දි . උදේ පාන්දරම අරකුන් හතර දෙනා ගෘප් එක කනවා . හැපො .

"මේ රායු උබ ගෙදර එහෙම නවතිනවා එහෙම නෙවේ පුතෝ"

"ඔව් ඔව් ඇ මගෙ මොල රාජයට දැනෙනවා උබ ගෙදර නවතින්න හදන්නෙ කියලා හරියැ"

Everlasting  <3Where stories live. Discover now