වේගයෙන් ඇදී ආ රථයේ කන් බිහිරිකරවන ටයර් වල ශබ්දයට අරලිය සිත තද කරගෙන දෑස් පියා ගත්තේය....
එහෙත් පරිසරයම දෙවනත් කරවමින් ආ ශබ්ධය මොහොකින් නතරවී ගිය අතර කන් දෙක මද වේලාවකට අගුල් ලමින් හොරහැඩි අත්ලකින් තද අතුල් පහරක් වැදි ගිය සැනෙන් අරලියගේ දෑස් ඇරුනේය....
දෑස් ඇරෙන විටම තමාට අඩි දෙකක් තුනක් වන්නට ඈතින් කාරය නතරවී තිබුන අතර එක මොහොතකින් එම කාරයේ පිටුපස දොර හැරගෙන ටයි කෝට් ඇදගත් අයෙක් බැස්සේය..... චිත්‍ර පටයකමෙන් අනේක් සියලු දසුන් බොදවී ඔහුව පමනක් පෙනේනට වූ අතර ඉතිරි සියල්ලම ස්ලෝමොෂන් වී තිබුනි.....
ඒ දැස්... ඒ මුහුන... අරලියගේ දෑස් අද්දර කුමක්දෝ දිග කථාවක් මුමුනන්ට හදන බවක් අරලියට දැනුනි.....
"මැරෙනේනද යකෝ යන්නෙ.... ඈ...... මැරෙන්න ඕනනම් අපිට වද නොදී ගිහින් කෝච්චියකට පැනපන්....."
නැවත වරක් ඔහු අරලියගේ කොලරයෙන් අල්ලා සොලවමින් පලාතම දෙවනත් කරමින් කෑගැසුවේය..... මේ සුන්දර ජවනිකාව පාරේ යන වුන් තව කෙනෙකු හා රස කරමින් අඩුවැඩිය දමමින් කියවන්නට මෙන් ඇස් කන් වලින් ප්‍රයෝජන ගනිමින් සිටියෝය..... ඒ අතරෙ සමහරු චිත්‍රපටයක මෙන් සිදුවූ සිදුවීම උපරිමයෙන් විදිමින් දුරකතන ගෙන රෙකෝඩ් කරමින් සිටියෝය.....
"සිරිපාල ඕක නවත්වනවා....."
පෙනුමෙන් අවුරදු විසිපහකට අඩු උවත් ඒ හඩේ තද ගතියක් පිරි තිබුනි.....
"නෑ බේබි... බලන්ඩකෝ තව පොඩ්ඩක් එහෙ මෙහෙ උන්නා නම් මට වෙන්නේ......."
"හරි.... හරි.... දැන් මුකුත් උනේ නෑනේ.... අපි යමු මට පරක්කු වෙනවා....."
මුහුනේ කිසිම හිනාවක් වත් නැති අහංකාර පෙනුමකින් යුත් තරුණයා නැවත කාරයට නැග දොර වසා ගත්තේය.....
අරලිය පාර හරහා මාරුවී අනෙක් පස පාර අයිනේ තිබූ ගල් බංකුවක වාඩි වී මේ පැය කිහිපය තුල සිදුවූ සියල්ල තෝරා බේරාගන්නට උත්සහ කලේය...... හැමෝගෙන්ම මෙහෙම ගුටි කන්න වෙලා තියෙන්නේ සංසාරේ කරපු මොන පවකටද කියා අරලියට හිතා ගන්නට බැරිය.....
YOU ARE READING
අරලිය || BL
Non-Fictionඅරලිය....... පැහැයෙන් සුදු මලක් වන අතර විටක නිවී පහන් වී ගිය සිල්වත් බවකුත් තවත් විටක කැරකෝපුවක දැනෙන මූසල බවකුත් ගුප්ත අදුරු බවකුත් සිතට එක් අතර ජිවිතයේ කළු හා සුදු පැහැය නියෝජනය කරන මලක් යැයි මා විශ්වාස කරමි.....