දින සති මාස ගෙවී ගියේ ඇසිපිය ගහන වේගයෙනි....
ඒ කාලය තුල අරලියට සිදුවූ බාහිර තුවාල සියල්ලම සුවවී ගියත් ඔහුගේ මතයේ ගොඩක් නැත් හිස්වී ගොස් තිබුනි.... වසර විස්සක් විසි එකක් පුරාවට තප්පරයෙන් තප්පරය පිරී ගොස් තිබුන මනස එක තප්පරයක දී අහිමි වී යාම පුදුම සහගතය.... ඔහුට ඔහුගේ කුඩා කල පටන් මිතුරා වූ රොහාන්ව පවා අදුරා ගන්නට බැරි විය.... ඔහුට දැනුනේ ඔහු අදුරා ගත්තේ පවුලේ අය පමනි... එය ආර්යන්ට පමනක් නොව අනුහස්ටද දුකක් ගෙන දෙන්නට විය...
අරලියගේ මතකයෙන් ආර්යන්ව අමතක වී ගොස් තිබුනත් ආර්යන්ගේ මතකයෙන් එක මොහොතකටවත් ඔහුව අමතක වී ගොස් නොතිබුනි.... ඒ නිසාම ආර්යන් අරලියට තිබු සියළුම වෛද්‍ය සායනයන් වලට ඔහුව රැගෙන යන්නට විය.... අලුත් අලුත් ප්‍රථිකාර ක්‍රම ගැන සෙවීය... මේ අතර ඩෙවොන් රැකියාවෙන් අස්වී ලංකාවෙන් යන්නට සූදානම් විය.... ඔහු අනුහස්ට බොහොසේ ඇවිටිලි කර ඔහු සමග අරලිය බලන්නට යන්නට කැමති කරවා ගත්තේය.....
"අරලිය....."
"ආ..... අනුහස් අයියේ....."
ඒ ආමන්ත්‍රණය වෙනස්ය..... එහි අනූ කියා හෝ අනූ අයියේ කියා කථා කරන කොට තිබු ආදරය වියලී ගොසින්ය...
ඇත්තටම මැරුණ කෙනාට වඩා ජීවත් වෙන අය විදවයි.... අරලියගේ වෙනස් විම අරලියට නොදැනුද අනුහස්ගේ දෑසට කදුළු ගේන්නට සමත් විය...
"ආ.... මේ ඩෙවොන්...."
"ආ.... ඇත්තද.... එන්න.... ඉදගන්න අයියේ..."
"ලංකාවෙන් යන්න ඉස්සෙලා ඔයාව බලන්න ඕනේ කිව්වා..."
"ඉතින් අයියා කොහාටද යන්නේ.... අයියා මොකේද වැඩ කරන්නේ..... අනේ වාඩිවෙන්න අයියේ... ඉන්න.... මම අයියලාට බොන්න මොනහරි අරගෙන එන්නම්.... අනුහස් අයියේ.... වාඩිවෙන්න....."
ඩෙවොන් ඇස් වල කදුළු පුරවගෙන ඇතුලට යන අරලිය දෙස බලාගන සිටියේය.....
ජීවිතේ පලවෙන් වතාවට බාහිර රූපයට බාහිර ඔපයට ආදරය කරපු ආසා කරපු පිස්සු වැටුන ඩෙවෝන්ට ඇත්ත තිත්ත ලෙස දැනුනි..... රූපය මොහොතින් මොහොත වෙනස් වෙයි..... ඒත් හදවත හැමදාම තරුණයි.... ඇත්තටම අපි ආදරය කරන්නේ මිනිසුන්ගේ හිත් වලට නේද කියා ඔහුට දැනෙන්නට විය.... ඩෙවෝන් කිසිම දෙයක් නොකියා මදක් දුරින් අසුන් ගෙන සිටි අනුහස් වෙත ගොස් අනුහස්ගේ උරහිසට අත තැබිය....
YOU ARE READING
අරලිය || BL
No Ficciónඅරලිය....... පැහැයෙන් සුදු මලක් වන අතර විටක නිවී පහන් වී ගිය සිල්වත් බවකුත් තවත් විටක කැරකෝපුවක දැනෙන මූසල බවකුත් ගුප්ත අදුරු බවකුත් සිතට එක් අතර ජිවිතයේ කළු හා සුදු පැහැය නියෝජනය කරන මලක් යැයි මා විශ්වාස කරමි.....