ජීවිතේ තාමත් හරියට පටන් ගෙන නැති උනත් ගිහින් තියන දුර හා වේගය ගොඩක් වැඩි බවක් අරලියට සිතින.....
වැරදි පිට වැරදි බොරුපිට බොරු කියා හැමදේම අවුල් කරගෙන ඇති බවක් දැනෙයි..... ඒ මොනා උනත් තමන්ගේ හිත ඊලග තප්පරයේ දි වෙනස් වන්නේ හුලගෙහි දිශාවන් එක් මොහෙතකින් වෙනස් වන අයුරිනි.....
මුල සිටම ඩෙවෝන් ගැන යම් ඇල්මක් සිතේ පැලවී තිබුනද ඒ දේ කෙමෙන් කෙමෙන් වැඩි වී මේ තරමට දුර දිග යාවි කියා අරලිය නොසිතුවේය...... ඒ ආඩම්බරකාර ගතියට අරලිය ආසාකලේය...... හැමෝටම කෑගසමින් බනිමින් අඩි පහක් හයක් උඩින් යන ආඩම්බරකාරයා තමා සමග තනි වූ විට අහිංසක ලෙස හැසිරෙන්නේ ඇයි කියා පහු ගිය කාලය පුරාම සිය දහස් වාරයක් තම සිතෙන්ම අරලිය ඇසුවේය...... අනෙක් අයගේ වැරදි වලට කෑගසා බෙරිහන් දී කෑගසන ඔහු තමාගේ වැරදි වලට කලේ කාමරයට ගෙන්වාගන බොරු තරහක් පෙන්වා සද්දෙන් බනිමින් කන මිරිකීම පමණි.... ඒත් ඒ ස්පර්ෂයේද අමුතුම වෙනස් බවක් අරලියගේ සිතට දැනුනි....
කල්පනා කර කර සිටි අරලිය ඇදේ අනෙක් පැත්තට පෙරලිනි.....
"ඒ බූරුවා..... මොකෝ බන් මේ...."
අනුහස් අරලියගේ ලගින් වාඩි වෙමින් ඇසිය..... ඔහු නිදාගන්නට පෙර වොෂ් එකක් දැමිමට තුවාය ඇදගෙන සිටියි...
"ඇයි මොකෝ..."
"මොකෝ කියන්නේ උඹට අද මොනා වෙලාද...... වෙනදට කොච්චර මහන්සි තිබුනත් වොෂ් එකක් දාගන ඇදුමක් දාගන්නේ නැතිව ඇදට යන්නේ නෑනේ...."
"අනේ මට අද කම්මැලි වගේ බන්..... උබට බැරිද මාව වඩාගෙන එක්කන් ගිහින් වොෂ් එකක් දම්මවන්න....."
"අනේ වෙන මොනාත් ඕන නැද්ද... බූරුවෝ...... මේ පිස්සු නැතිව නැගිටහන්.... උබ ලග ගදේ බෑ...... ඔය ගදක් එක්ක මම උඹත් එක්ක නිදියන්නේ කොහොමද....."
"අනේ බෑ අයියා..... ඔයා ගිහින් වොෂ් දාගෙන එන්න...."
"මේ.... මගේන් ගුටි නොකා නැගිටහන් අරලිය....."
අනුහස් අරලියව පෙරලගෙන කිචි කවමින් නැගිට්ටවන්න උත්සාහ කලේය.... අරලිය මුනින් හැරී අසල වූ කොට්ටයක මූන සගවාගන හිනා වෙවී කෑගසන්නට විය.... අනුහස් ගෙන් බේරෙන්න බැරිම තැන අරලිය අනුහස් ඇදගන සිටි තුවායෙන් ඇද ඇදෙන් පැන්නේය.... බුරුල් වූ තුවාය අතින් එක් අතකින් අල්ලන ගමන් අනුහස් අරලියට බනින්න විය....
YOU ARE READING
අරලිය || BL
Non-Fictionඅරලිය....... පැහැයෙන් සුදු මලක් වන අතර විටක නිවී පහන් වී ගිය සිල්වත් බවකුත් තවත් විටක කැරකෝපුවක දැනෙන මූසල බවකුත් ගුප්ත අදුරු බවකුත් සිතට එක් අතර ජිවිතයේ කළු හා සුදු පැහැය නියෝජනය කරන මලක් යැයි මා විශ්වාස කරමි.....