49 වන අරලිය මල

694 62 15
                                    

ආර්යන් පිස්සුවෙන් මෙන් හැම තැනම අරලියව සෙව්වේය...

ඔහු තමාටම අනන්ත වාරයක් බැන ගන්නට විය... අරලිය ඉන්නා තත්වය ගැනවත් හිතා මීට වඩා වෙනස්ව හැසිරෙන්නට තිබුනා නේද කියා ඔහුට සිතුනි... එකවරම අරලියගේ කාමරයේ ජනේලය ලග බිම වාඩිවී අරලිය ඉන්නා බවක් ආර්යන් දුටුවේය..... ඔහු දුවගොස් හිතේ තියන ආවේගයට අරලියව තදින් බදාගත්තේය... හැගිම්බර බව කොතරම් වැඩිද යත් ආර්යන් කිහිපවරක්ම අරලියගේ නලල පිස්සුවෙන් මෙන් සිපගත්තේය...

අරලිය කිසිවක් කියන්නේවත් මේ සිද්ද වෙන දේ ගැන පුදුමයක් වත් නැතිව නොසෙල්වී සිටියේය... ආර්යන් තමාට අනුහස්ට වඩා විශේශයක් කරන බවක් අරලිය දැනී තිබුනි.... ඒ නිසාම මෙලෙස හැසිරෙන්නේ නැති වුනොත් තමා පුදුමේ කියා ඔහුට සිතුනි.....

අරලිය අර්යන් ඇද සිටි ෂර්ට් එක මදක් මෑත් කර ආර්යන්ගේ පපුවේ ගසා ඇති ටැටූ එක අතගෑවේය.... ආර්යන් තෙමී ගිය දෑසින් ගල් ගැසි බලා හිදින්නට විය....

"අයියේ...."

කන අසලින්ම ඇසුනු අරලියගේ හඩට ආර්යන්ගේ සුසුම් නතර වී ගියේය.... අරලිය ඉස්සෙලාම අයියේ කියා ආර්යන්ට කථා කලේ අදයි...

"මේ.... මේ... අරලිය කියන්නේ කව්ද....."

ආර්යන් උත්තයක් දෙන්නට බැරිව ගැස්සී අරලිය දෙආ බලාගෙන ඉන්නට විය...

"මේ.... මම ආදරය කරන කෙනා..."

අරලිය ආර්යන්ගේ දෑස දෙස කෙලින් බැලිය...

"මේ... මේ... මා... ම්මම.... ද..."

අරලිය අමාරුවෙන් වචන ගැටගසාගෙන ඇසිය....

මොනා කියන්නද කියා ආර්යන්ට හිතාගන්නට බැරිය....

"මේ.... මේ ඔයා නෙවෙයි.... වෙන කෙනෙක්..."

අරලිය දෑස් විශාල කරගෙන ආර්යන් දෙස බලා හිදින්නට විය.... ඔහු මොනා කිව්වත් තමන්ගේ හිතට දැනේන දේ බෙරුවක් විය නොහැකිය... ඔහු ඇත්ත නොකියන්නට හේතුවක් තිබෙන්නට පුලවන.... ඒ මොනා වුනත් ඔහුගේ කටින්ම ඇත්ත අහගන්න තරම් අරලියගේ හිත මුරන්ඩු විය.....

"අනේ සොරි සර්... ඇත්තටම මම පොඩ්ඩක් මෝඩ විදිහට හැසිරුනා... සොරි සර්... කෝ.... මට යන්න ඉඩ දෙන්න සර්...."

අරලිය || BLWhere stories live. Discover now