අරලිය ගෙදර එනවිට රාත්‍රී එකොලහ පමණ වී තිබුණි....
අනුහස් වාහනෙන් බැස ඇවිත් අම්මාට කථා කරගිය බැවින් වෙනාදා මෙන් හාර හාර ආගිය තැන් ගැන අම්මා ඇසුවේ නැත.... අම්මා අනුහස්ගෙන් ඇසු සමහරක් දේවල් වලට ඔහු අසරණව උත්තර දෙන හැටි අරලිය දුකෙන් බලා සිටියේය..... ඇත්තටම අනුහස් කියන විදිහට තමන් අම්මාව රවට්ටනවා නේද කියා අරලියට සිතුනි..... නමුත් ඩෙවෝන් ගැන සිහිවන විට අරලිය හැමදේම අමතක කර දමා නිදගන්නට උත්සහ කලේ ඉක්මනට එලිවෙනවා නම් හොදයි සිතන ගමන්ය......
පසුදින උදෑසනම අවදිවූ අරලිය වෙනදාටත් වඩා කලින් වැඩට යන්නට ලෑස්ති වෙන විට අම්මා අමුතු ලෙස ඔහුදෙස බැලිය.... අරලිය ඇගේ දෑස් මග හැර දෙවියන්ගෙන් ඉල්ලුවේ අම්මට කිසිම දෙයක් මගෙන් අහන්න හිතෙන්න එපා කියාය..... මොකද බොරු පිට බොරු ඇයට කියා ඇති නිසා තවත් බොරු කියා පවු පුරවාගත නොහැක.....
අරලිය ඔෆිස් එන විට සිටියේ ආරක්ෂක නිළධාරින් පමණි..... ඩෙවෝන්ගේ රුව දකින්නට නොඉවසිලිමත් හිත බොහොසේ නොසන්සුන්ය..... කෙමෙන් එක්කෙනා දෙන්නා වැඩට එන්නට විය.... ඒත් තවමත් ඔහු පැමිණ නැත...
"ආ.... බන් උඹලාගේ අම්මා අද උඹව ගෙදරින් පැන්නුවද නැත්තම් උඹට මේකේ සිකුරිට් ජොබ් එකකුත් සෙට් උනාද...."
අනුහස්ගේ හඩින් අරලිය ගැස්සි බැලිය.....
"ගුඩ් මෝනිං අනූ...."
"ගුඩ් නෙවෙයි බන්.... පකේ ගුඩ්.... උඹට ඊයේ රෑ ලොකු සර් කථා කලාද...."
"ආ.... ඔව්.... මේ...."
"සර් අපේ රිපෝට් එක ගොඩක් හොදයි..... ගොඩක් මහන්සිවෙලා තියනවා.... අනික රෑ දවල් දෙකේම වගේ වැඩකරලා තියන නිසා දවස් දෙකක් විතර නිවාඩුවක් දෙන්න හැදුවද.... නැද්ද....."
අරලිය ගොලුවී ගියේය...
"අරලිය කථා කරහන්..... කිව්වද.... නැද්ද....."
"කිව්වා...."
"ම්..... එතකොට මහත්තයා මොකද්ද ලොකු සර්ට කිව්වේ......"
"අනේ එපා සර් තැන්කියු මේක අපේ ජොබ් එකනේ........"
එකවරම අරලිය වෙනුවට පිටුපස සිට ආර්යන් පසන විට අරලිය හා අනුහස් ගැස්සි බැලිය..... ඔහුගේ මුහුණ නම් සතුටින් පිරි ගිහින්ය.....
YOU ARE READING
අරලිය || BL
Non-Fictionඅරලිය....... පැහැයෙන් සුදු මලක් වන අතර විටක නිවී පහන් වී ගිය සිල්වත් බවකුත් තවත් විටක කැරකෝපුවක දැනෙන මූසල බවකුත් ගුප්ත අදුරු බවකුත් සිතට එක් අතර ජිවිතයේ කළු හා සුදු පැහැය නියෝජනය කරන මලක් යැයි මා විශ්වාස කරමි.....