හැමදාම දකින කොළඹ අහසට වඩා අද අහසෙ කුමක්දෝ සුන්දර බවක් ඇතැයි අරලියට සිතුනේය....
පෙරදින රැයෙහි වැසි වැටී ඇති අතර තවමත් මාර්ගය අසල ගස්වල රැදි වැහිපොද සුලග සමග මුසුව විසිරි ගියේය..... පායා ඇති හිරු එලියත් එක්ක හමා එන සිසිල් සුලග සිත පහන් කරවයි..... ඉතාමත් සෞම්‍ය ගතියෙන් පිරී ගිය පරිසරයේ සුන්දරත්වය විදිමින් අරලිය ඇවිදගෙන යන්නට විය..... එකවරම ඔහුගේ දුරකතනය නාද දෙන්නට විය...
"ගුඩ් මොනිං අන්කල්......"
"වෙරි ගුඩ් මොනිං පුතා.... කොහොද කොල්ලො ඉන්නේ...."
"මම එනගමන් ඉන්නේ අන්කල් තව විනාඩි පහකින් ඔතන...."
"ආ හරි පුතේ පරිස්සමෙන් එන්න... මට පොඩි හදිස්සියකට කොළඹින් පිට යන්න වෙලා.... බය වෙන්න එපා මම ඔයාව ඉන්ටවිව් කරන සර්ට ඔක්කෝම විස්තරේ කියලා තියෙන්නේ හරිද..."
"අනේ තැන්කියු අංකල්..."
"හරි පුතා එහෙනම් මම තියනවා..."
"හරි අංකල් තෙරුවන් සරණයි...."
"තෙරුවන් සරණයි පුතා....."
අරලිය අඩිය ඉක්මන් කර යන්නට විය... ඇත්තෙන්ම ඒ කාර්‍ය්‍රාලය හරිම අලංකාර ලෙස සකස් කර තිබුනි.... සෑම දෙයක්ම සරලව හා ඉතාමත් කාලාත්මකව තබා තිබුනේ පැමිණෙන්නන්ගේ සිත් පහන් වන ආකාරයටය..... එසේ වන්නට ඇත්තේ ආයතන ප්‍රධානියාද හොද කලාකාමී අදහස් ඇති අයකු වන්නට ඇති බැවිනි අරලියට සිතුනි....
අරලිය සිතා සිටියේ එම ඉන්ටවිව් එක තමාට පමණක් තියන එකක් කියාය.... එහෙත් දහයක් පහලවක් විතර පෝලිමේ අසුන් ගෙන සිටිනවා දුටු විට අරලියගේ සියලු බලාපොරොත්තු සිදි යන්නට විය.... අරලිය බලපොරොත්තු රහිත සිතින් පෝලිමේ අවසානයේ වූ ආසනයක අසුන් ගෙන ඔහුගේ වාරය එනතුරු බලා සිටින්නට විය.....
පැය කිහිපයක ඇවෑමෙන් දැන් එලඹී ඇත්තේ අරලියගේ වාරයයි... ජීවිතේ තමන් මුහුන දෙන පලවෙනි ඉන්ටවිව් එක සාර්ථක වේවායි සිතමින් අරලිය ඇතුලට ගියේය....
"වාඩි වෙන්න අරලිය...."
"තැන්කියු සර්......"
අරලියව ඉන්ටවිව් කරන්නට සිටියේ වසය අවුරුදු විසි හතක් හෝ විසි අටක් පමන ප්‍රිය මනාප පෙනුමෙන් යුතු තරුනයෙකි....
YOU ARE READING
අරලිය || BL
Non-Fictionඅරලිය....... පැහැයෙන් සුදු මලක් වන අතර විටක නිවී පහන් වී ගිය සිල්වත් බවකුත් තවත් විටක කැරකෝපුවක දැනෙන මූසල බවකුත් ගුප්ත අදුරු බවකුත් සිතට එක් අතර ජිවිතයේ කළු හා සුදු පැහැය නියෝජනය කරන මලක් යැයි මා විශ්වාස කරමි.....