𝚂𝚊𝚛𝚊

70 7 0
                                    

chapter 16

"ඇයි කේහා..මට ඔයාව ගොඩක් ෆැමිලියර්...චුට්ටක් නෙවේ...ගොඩක්..මට ඔයාව හුරුයි.."

"ය්..යූජින් ඔප්පා....මොකද මේ.."

කේහා යූජින්ගෙ අත අයින් කරන්න අඩියක් පස්සට ගිහින් අහක බලා ගත්තා...බලපු පැත්තේ හිටපු රූපේ ගාව කේහගෙ ඇස් නැවතෙන විදිහ යූජිනුත් දැක්කා...යූජින්ට එතන හිටපු කෙනාව අදුරගන්න බැරි උනත් කේහට පුලුවන් උනා..ඇයි බැරි..කෙල්ලගෙ ඇස් ඊලගට ලොකු උනේ ඒ කෙනාගෙ එහා පැත්ත ඉන්න තවත් කෙනෙක් දැක්කට පස්සෙ...කේහා එයාවත් අදුරගත්තා මොකද මීට අවුරුදු හතකට කලින් එයාව අන්තිමට කේහා දැක්කේ...අවුරුදු හතකට කලින් හිටපු රූපෙයි දැන් පේන රූපෙයි කිසිම වෙනසක් පෙනුනෙ නැ...

"ජ්...ජන්ග්කුක්...සාරා..."

යූජින් බැලුවේ කේහගෙ මිමිනෙන තොල් දිහා..."ජන්ග්කුක්..සාරා...ඒ දෙන්නා කව්ද..." යූජින් එයාගෙ හිතෙන්ම ප්‍රශ්න කරා...යූජින් කේහගෙ මූන දිහාම බලාන ඉද්දි කේහා ජන්ග්කුක් දිහයි සා‍රා දිහයි මාරුවෙන් මාරුවට බලන්න ගත්තා...සාරාගෙ අත් ජන්ග්කුක්ගෙ වැලමිට ගාවින් තදින් අල්ලන් ඉද්දි ජන්ග්කුක් කිසිම හැගීමක් නැති මූනකින් කේහා දිහා බලාන හිටියා..කේහගෙ රූපෙ ලග ජන්ග්කුක් ඇස් නොසන්සුන් වෙද්දි සාරා තව ටිකක් එයාගෙ අත් තද කරලා ජන්ග්කුක්ව අල්ල ගත්තා..සාරා නැවතුනේ නැ..

"අපි යමු ජන්ග්කුක්..."

සාරාගෙ වචනෙට අවනත වෙලා කේහා දිහා බලානම හොටෙල් එකට ඇතුලට යද්දි කේහා එතන තිබ්බ පොකුනෙ බැම්මට අත් දෙක තියලා බර උනේ මුලු ඇගම පණ නැතුව යනව වගේ දැනුන නිසා...කේහා වැටෙන්න යද්දි යූජින් කේහගෙ ඉන වටෙන් අත දාලා අල්ල ගනිද්දි කේහා ආයෙත් යූජින්ගෙ අත් වලින් ඈත් වෙලා පස්සට ගියා...යූජින් කේහට කතා කරන්න කට හදන්න යද්දිම කේහා අමාරුවෙන් අතක් උස්සලා යූජින්ව නැවැත්තුවා...

"ම්..මන් හොදින්...මෙතනින් යන්න..."

"කේහා...ඔයාට මොකද්ද උනේ...කව්ද ඒ.."

"මන් එක සැරයක් කීව....මෙතනින් යන්න ඔප්පා...ප්ලීස්...මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න.."

Nenavidet'||Hate||JJK||KTH🍁💌Where stories live. Discover now