Chapter 23
"ජන්ග්කුක්...ඔයා දැක්කේ වැරදිවට..අනේ.."
"තමුසෙ තාමත් උට ආදරෙයිද කේහා...මාත් එක්ක හේලි එක්ක...තමුසෙ ඉන්නෙ බොරුවටද..එතකොට දැන් මාලිගාවට ආවෙ වලදාපු හැගීම් ආයෙත් අලුත් කරන්නද..."
ජන්ග්කුක් හයියෙන් කෑගද්දි කේහගෙ ඇස් ගියේ ජන්ග්කුක්ගෙ අත් උඩ ඉදන් උරහිසට ඔලුව තියාන එයා දිහා බයෙන් බලාන ඉන්න චූටි හේලිව...කේහා ජන්ග්කුක්ගෙ බැල්ම මගහරින ගමන් හේලිව එයාගෙ අත් වලට ගන්න හැදුවත් ජන්ග්කුක් අඩියක් පස්සට ගියා...කේහා ටිකක් එහායින් අත් දෙකත් පපුව හරහා බැදගෙන ඉන්න ටේහ්‍යුන් දිහා බලද්දි කේහට අදුරගන්න පුලුවන් උනා ටේහ්‍යුන්ගෙ තොල් වලින් මිමිනෙන වචනෙ..
"සර්ප්‍රයිස්..."
ටේහ්‍යුන් කටකොනින් හිනා වෙලා කියද්දි...ඊලගට ජන්ග්කුක් කියපු දෙයින් පුදුම උනේ වෙන කවුරුත් නෙවේ ටේහ්‍යුන්මයි..
"ඈත් වෙනවා කේහා...හේලි ඔයාගෙ දරුවෙක් නෙවේනෙ..ඒ නිසා බොරුවට රගපාන්න එපා.."
"ජන්ග්කුක්.."
කේහා මේ ලෝකෙ අහන්න අකමැතිම දේ ජන්ග්කුක් ගොඩක් නපුරු විදිහට කියද්දි කේහත් එයාගෙ ඉවසීමෙ සීමාව පැන්නා...අන්තිමේට එයාගෙ අත නැවතුනේ ජන්ග්කුක්ගෙ කම්මුලක...කේහගෙ චූටි අතක් ජන්ග්කුක්ගෙ කම්මුල හරහා යද්දි චූටි හේලි කේහා දිහා බැලුවේ බෝල ඇස් වලින්...එයාගෙ පපාට එයාගෙ මමා ගහන විදිහ කෙල්ල බලාන හිටියේ ඇස් වල කදුලු පුරවන්...එතකොට ටේහ්‍යුන්..එයා තාමත් හිටියේ ජන්ග්කුක් කියපු දේ ආයෙ ආයෙ මතක් කරන ගමන්..
"ජ්..ජන්ග්කුක්....ම්..මොකද්ද ඒ කතාවෙ තේරුම..මේ දරුව කාගෙද.."
ටේහ්‍යුන් ඒ දෙන්න ලගට ඇවිත් අහද්දි ජන්ග්කුක් හිටියේ දත්මිටි කන ගමන් කේහා දිහා බලාන..ජන්ග්කුක්ගෙ බැල්මට නොදෙවෙනි වෙන්න කේහත් ජන්ග්කුක් දිහා බලාන හිටියා...ජන්ග්කුක්ගෙ අත් වල හිටපු හේලිව කේහා අරගෙන එතනින් ගියේ ටේහ්‍යුන් දිහා නොබලමයි..කේහා යන විදිහ බලාන හිටපු ජන්ග්කුක් එයාගෙ අතින් අයියෙන් එතන තිබ්බ කනුවකට ගහද්දි ටේහ්‍යුන් ඒ දිහා බලාන හිටියෙ පුදුමෙන්...
YOU ARE READING
Nenavidet'||Hate||JJK||KTH🍁💌
Fanficකිම් ටේහ්‍යුන්, සල්ලිකාර ආඩම්බරකාර රාජකීය සීතල කුමාරයෙක්.. එයාට ඕනෙ මොන විදිහකින් හරි..බලෙන් කේහව අයිති කර ගන්න... ජියෝන් ජන්ග්කූක්, සල්ලි ඕනවටත් වඩා තිබ්බත්..ඒ දේවල් වලින් ගානක් නැතිව ජීවත් වෙන සරල කොල්ලෙක්..එතකොට එයාගෙ ආදරේ උනේ..මොන දේ උනත් කේහව ප...