තුන්වන දිගහැරුම

116 15 2
                                    

_________________________________________

Don't Copy My Own Work❌

Read And Enjoy

_________________________________________

මම හිටියේ කැන්ටින් එකේ.පිනාගෙ වැඩ ටිකත් හේෂානයයි තිමිරයයි එක්ක ඉවර කරලා බඩගින්න හොදටම දැනුන නිසා මන් කැන්ටිමට ආවා.මගෙ නැට්ටට කොහෙද යන්න තියෙනව කිව්ව නිසා ඔය ගියේ.පැනියා.ඕක කොහෙ හරි පැනි හලනව ඇති.මන් හේෂානය ගැනත් හිත හිත ඉන්නකොට එකපාරටම

"අඩෝ මචන්"

ආහ්හ්.යකෝ ඉස්කෝලෙ හිටියට අද වෙනකන් මාත් එක්ක කතා කරන්නැති ඩයල් එකක් මේන් මාත් එක්ක කතා කරනව.මූ එන්නෙ හොදකට වෙන්න බෑ.මෙච්චර අවුරුදු දෙකක්ම ඉස්කෝලෙ හිටිය මූට බැරිද යකො කතා කරන්න.හරි ඉතිම් අලුතින්නම් තමයි ආවේ.එහෙමයි කියල ඉතින් අපි අපෙ වයසෙ එවුන්ට මොකුත් කියාගෙන යන්නෑනෙ.මාත් ඉතින් හායි කියාගෙනම ගියා.ඇයි යකෝ නැත්තන් මන් නිකම් හරි නෑනේ.

"ඕ කියන්න"

"මේ කෝ උබ විතරද කැන්ටිමේ ඉන්නේ"

මන් විතරක් තනි ඩෙස්ක් එකක වෙනකොට මගෙන් මූ අහනව තනියෙන්ද ඉන්නෙ කියල.දෙන්ඩ හිතයි මූට මූන බොම්බයි මොටයි වෙන්න.රිලා මොටෙයියා.ඇයි යකෝ මුට පේන්නැතිවෙන්න ඇහැ පොට්ට වෙලාද.සැක්.හේෂානයවත් නෑනේ.මූ වගේ එවුන් හොදටකට එන්න බෑනේ.ඒකත් මේ මාව හම්බෙන්න.කතා කරන්න.එහෙම ලේසියෙන් අපෙ ඉස්කෝලෙ අයට කතා කරන්න බෑ.මගෙ වයසෙ එවුන් ඇරෙන්න.සමහරුන්ටනම් චූ යනව නම කියනව ඇහුනත්.මන් කලිනුත් කිව්වනේ.එහෙම තමයි ඉතින් ඉස්කෝලෙදි.හැබැයි ගෙදරදි බල්ලෙක් ගානටවත් බලන්නෑ.ඔක්කෝටම හොද මල්ලියි,නන්ගියි.මන් මොකෙක්ද දන්නෑ.සෙද්ද.මන් ඉතින් මූ කියන එක එක වල් පල් හෑලී වෙන කොරන්ට දෙයක් නැතිකොට අහගෙන ඉන්න අතරේ මන් දැක්කේ මේ කැන්ටිම පැත්තට හිමීට ඇදිල එන හේෂානයව.

අනේ මගේ සුදාම්මිය.බලන්ඩකො අප්පේ එන හැටි.අද කාල නෑ වගේ කනේ පහරක්.ආව ගමන් ඇස් දෙක ලොකු කරල දෙන්න දිහා මාරුවෙන් මාරුවට බැලුව ඇත්තෙ මන් හොර වැඩක් කරල කියලද දන්නෑ.හිතන් ඇති මේ රිලා මොටෙයිය එක්ක වැඩේ කොරන්න.මට වෙන වැඩ නෑනේ ඒ ඇරෙන්න.මන් ඉතින් හේෂානයටත් දෙකක් රවල අහක බලාගත්තේ ඇයි යකෝ ආවනම් යාළුව කියල මාව බදාගෙන සිබලා ඉදගන්ඩ එපැයි.එක විනාඩියක්වත් ඈත් වෙන්න බැරි මයෙ ගස් ගෙම්බා එක පාරටම වෙනස් වුනාම පොඩි දුකකුත් නොදැනුනාම නෙමේ

හන්තාන සුසුම්🌑💙[Taekook]Where stories live. Discover now