නමවන දිගහැරුම...

70 7 5
                                    

_________________________________________

Don't Copy My Own Work❌

Read And Enjoy

_________________________________________

ඩිහේනය ආපහු ඕස්ට්‍රේලියා යන්න ඕන නිසා එයාපෝට් එකට ගිහින් ඌව ෆ්ලයිට් එකට ගිහින් ඇරලව ආපු අපි දෙන්න මායි,හේෂානයයි ආපහු නුවර එන්න ගත්ත.දෙන්නම ට්‍රේන් එකේ ආව එකේ හවසට තියෙන ලස්සනත් එක්ක අපි දෙන්නා මිනිස්සු ට්‍රේන් එකට ගොඩ වෙන තැන ෆුඩ් බෝඩ් එක.අපි දෙන්නා එතන හිටියා.හේෂාන් එතන කකුල් දෙක එළියට දාගෙන ඉදගෙන.මන් ඌට පස්සෙන් හිටගෙන.අපි දෙන්න කපල් එකක් වුනත් අර යාළුවෝ දෙන්නෙක් වගේ නිසා වැඩි ලොකුවට ගානකුත් නැති එකේ චිල් එකේ ඒ මොහොත වින්දා.අපි දෙන්න හිටිය තැනට ටික වෙලාවකට කලින් කවුද අපෙ වයසෙම අපෙ උසම කොල්ලෙක් ඇවිල්ල කතා බහ කරල කම්මැලිකමට කියල විස්තර එහෙමත් ඇහුවා.හේෂානයනම් කට ඇරිය ගමන් මුළු උප්පැන්නෙම දිග හරින්න ඔන්න මෙන්න කියල ඉවෙන් වගේ වැටහුන මම ඌට මායි,හේශානයයි ගැන කිව්වා.

ටික ටික රෑ 7,8 වගේ වෙන නිසා මායි හේෂානයයි අපි දෙන්නට බඩ ගිනි නිසා ට්‍රේන් එක ඇතුළට එන වඩේ කාරයෙක්ගෙන් වඩේ ටිකක් අරන් කන්න ගත්තා.අපි ඉන්නෙ දෙවෙනි පන්තියෙ නිසා තුන්වෙනි එක තරම් මිනිස්සුත් හිටියෙ නැති නිසා අපි දෙන්නගෙ ආතල් එකේ අපි දෙන්න ගියා.අම්මත් ටික වෙලාවකට කලින් මගෙ පෝන් එකට කෝල් එකක් අරන් තිබ්බ නිසා "මගින් එන ගමන්" කියල අම්මටත් බුදුසරණයි කියල පෝන් එක ආපහු සාක්කුවට ඔබාගත්තා.යකින්නිගේ අවුව කියල මිනිස්සු කියන එකේ ඈත පේන කදු වලින් තියෙන රත්,තැඹිලි පාටින් හවසට බහින ඉරත්,වේගෙන් හදවත කිලි පොලා යන හුළගත් පරිසරයේ තියෙන අමුතුම සිසිල් හෝරාවත් විද ගනිමින් මන් බැලුවෙ හේෂාන් දිහා.හේෂාන්  ඉදගෙන හුළගට කොන්ඩේ ඒ මේ අත වැනෙනව.මන් බලනවයි කියල දන්නැති හේෂාන් ඉස්සරහ පේන බහින ඉර දිහා බලාගෙන හිටියා.මේ වගේ මොහොතක හේෂාන්ගෙන් පොටෝ එකක් හේෂාන්ට නොදැනී ගහගත්ත මම ඒක සීක්‍රට් ෆෝල්ඩර් එක අස්සට දාලා ආපහු පෝන් එක සාක්කුවට ඔබාගත්තා. මේ වගේ මොහොතක් හේෂාන් එක්ක ආපහු කවද එයිද කියල දන්නැති නිසා හේෂාන් කොහොම උනත් මන් මේ මොහොත වින්ද.

හන්තාන සුසුම්🌑💙[Taekook]Where stories live. Discover now