විසිහතරවන දිගහැරුම

44 3 2
                                    

______________________________________

Don't Copy My Own Work❌

Read And Enjoy

______________________________________
______________________________________

"කෝ අනේ අහස් අයියා එහෙම...පේන්න නෑනේ...අල්ලගන්නම්කො කැම්පස් එකේ දී දෙන්නවම..."



අපි දෙන්නා පැය බාගයකින් පස්සේ කැම්පස් එකට ආවා...අද අපේ කැම්පස් එකට අලුත් ළමයි බාර ගන්න දවස...අනිත් එක,අවුරුද්ද අලුතින් පටන් ගත්ත මුල නිසා මාර රස්නයක් තියෙන්නේ...මායි,මියුරුයි දෙන්නම කැම්පස් එක ඇතුළට යන්න හදනකොටම...................................මාව හප්පගෙන සුදු කොල්ලෙක් දුවගෙන ඇතුළට ගියා...පිස්සු හැදිලද මන්දා...ඔච්චරටම පේන්නැද්ද මන් පාරේ යනවා...අලුතින් එන එවුන්ගේ විසේ කියනවනේ...දගළන දැගලිල්ලට ගම් පළාත කොහෙද දන්නෑ...මන් ඒ ගිය කුලප්පු වෙච්ච අස්පයටත් දෙක තුනක් බැනගෙන කැම්පස් එක ඇතුළට ආවා...මායි,මියුරුයි අපි අපිට අයිති තැන් වලට යන්න කලින් සෙහස්ව හම්බුනේ ඌ සයන්ස් ෆැකල්ටි එකට යන ගමන්...

"අහස්...යකෝ උබල දෙන්නා...දැන්ද කැම්පස් එකට එන්නේ..."

"ඔව් බන්...කොහෙද මේ තකහනියක් දුවන්නේ..."

"ලෙක්ච එක පටන් ගන්න තව විනාඩි පහක් වගේ තියෙන්නේ...උදේ එන්න ටිකක් පරක්කු උනා...මන් යනවා...හවස කතාකරන්නම්..."

"හරි හරි පරිස්සමෙන් පලයන්..."

"අල්ලපු වැටේ එවුන්ට ඔච්චර වෙලායනවනම් අපිට වෙලා යන එක ගැන ප්‍රශ්නයක් නෑ"

මායි,මියුරුයි දුවන සෙහස් දිහා බලලා මන් මියුසික් ෆැකල්ටි පැත්තටත් මියුරු ආට් ෆැකල්ටි එක පැත්තටත් ගියා...

මියුසික් ෆැකල්ටි එකට යන්නනම් සයන්ස් ෆැකල්ටි පැත්ත පහු කරගෙන යන්න ඕන...මන් එහෙම මගින් යනකොට දැක්කේ උදේ මගේ ඇගේ හැප්පුන කොල්ලව...එයා හරි පුදුම ළමයෙක්...අත් දෙකත් උස්ස උස්ස මොනවදෝ කියනව තව එවුන් ටිකක් අල්ලගෙන...පුදුම විසයක් තියෙන්නේ...ඇත්තමයි අම්මපා මට උදේ හැප්පිච්ච එකටනම් තරහයි...දෙකක් කියන්නත් හිතෙනවා...ඒත්...ලෙක්ච එක පටන් ගයි මේ රන්ඩු වලට පැටලිලා...මන් පස්සෙ අල්ලගන්නම් කියලා මගෙ ලෙක්ච එක පටන් ගන්න හෝල් එකට ගියා...

හන්තාන සුසුම්🌑💙[Taekook]Where stories live. Discover now