ඉන්ටර්වල් එකේ මගේ අති ජාත පවුකාර යාලුවවත් එල්ලගෙන ගියේ කැන්ටිමට.
ඒකී ඒ වගෙර් වෙලාවට මගේ ලගින් හෙල්ලෙන්නෑ.
අනේ මන්දා මේ වගේ යාලුවොත් ..
හොදා පොල් පිත්තෙන් කපා ගන්න. ආහ්... පොල් පිත්ත මේකිට ලොකු වැඩී වෙයි.. ඒ හින්දා අර කහබිලියා කෝට්ටක් හොදා...අරකි තඩි බිත්තර බනිස් එකක් ගිලින කොට මං පුංචි මුරුක්කු පැකට් එකක් ගත්තා...
මේකි ගිලින හැටි දැක්කම හිතෙන්නෙ හත් අවුරුද්දක් සාගින්නෙ ඉදලා වගේ.හපෝයි......
දිනුග...යා...
මේකා විතරයි අඩුවකට හිටියේ...අපේ සැට් එකේ අනිත් සාමාජිකයා තමා දිනුග.. ඌ හෙන ආතල් පොරක් .
අපේ පන්තියෙ අනිත් එවුන් වගේ මුගෙ පුකේ කැටයම් නෑ...
( හා හා.... ඔය කියවන ඉලන්දාරි ගෑනු ලමයි ... මං උගෙ පුප බලන්න ගියෙ නෑ... මං කිව්වේ මේ උගෙ වැඩිය ලොකු කම් නෑ කියලා හරිත... නැත්තම් මේ අහින්සක දැරිවිට කතා හදාවි පුප වල් බලනවා කියලා🥲...)කෙල්ලො කොල්ලො බේදයක් නෑ අපේ පන්තියෙ බහුතරයක වගේම බහිරව මූර්තී , ලියවැල් , පලාපෙති පුප වල් වල කැටයම් කරලා...
දොලහ වසරට එන්න කලින් දැනන් හිටියෙ නෑනෙ පුකවල් වලත් මූර්ති කැටයම් නෙලල කියලා.. ගල් වල විතරයි නෙලලා තියෙනවා කියලා දන්නෙ...
චිත්‍ර සිලබස් එක හදන එවුන් දන්නෙ නැතුවත් ඇති පුක වල් වලත් කැටයම් නෙලලා තියෙනවා කියලා . නැත්තම් දාන්න තිබ්බ නෙ සිලබස් එකටත්...හරි හරි... අපි පුප වල කැටයම් අධ්‍යයනය කරන එක පැත්තක තියලා ... මට අඩි දෙක තුනක් ඉස්සරහින් එන දිනුගයා ගැන බලමුකෝ...
ඌ අත් දෙක වන වනා මං ගාවට එනකොටම හිතුනේ ශුවර් එකටම රුපියල් විස්සක් ඉල්ලයි කියලා...
ඌ හැබෑ රුපියල් විස්සක් තියෙනවද අහලා අරං යන්නෙ විස්සෙ අගට බිංදුවක් දාලා තැඹිලි පාට කොල දෙකක්...
මං උගෙ අයි එම් එෆ් ණය අරමුදල වගෙ.
ණය අරමුදල කිව්වට මෙතන වෙන්නෙ ඔය ණය කෑල්ල කැපිලා උට දෙන අරමුදලක් විදිහට...
මං උට දීලා තියෙන සල්ලිත් එක්ක මට ඌ පොලියත් එක්ක සල්ලි දෙන්න උනොත් උගෙ පඩියත් මදි ගෙවන්න...ධාරා පුතේ තොපෙ අම්මා දන්නව නම් එක එකාට අරමුදල් සපයනවා කියලා අදම උබව දරුකමෙනුත් එලවලා...
YOU ARE READING
අහස් ධාරා...☁️[THV 🤎] _ Ongoing __
Fanfiction"හීන වලින් රෑට රෑට එබිකම් කරලා ඔච්චම් කරේ මාව පිස්සෙක් කරන්නද ?" " හිතලා නෙවේනි ආවෙ... බලෙන්මනේ ගෙන්න ගත්තෙ.." " හාකො... එතකොට මට රෝස මලක් දික් කරලා ගොත ගගහා ' මම ඔයාට ආදරෙයි ' කිව්වෙ අල්ලපු ගෙදර එකාද දන්නෑ" " හයියෝ ඉතිම්... ඔයාට පොඩ්ඩත් ඇතිනෙ හො...