සත් වන දිගහැරුම...

29 6 39
                                    

" සුභ උදෑසනක් ඔබ සැමට...
ස්වාමින් වහන්සේගෙන්ද , අප විදුහලේ සහ ප්‍රින්සිටන් විදුහලේ විදුහල්පතිතමන්ලාගෙන්ද , ගුරු මෑනියන්ගෙන් සහ පියවරුන්ගෙනුත් අවසරයි...
අප විදුහල වන නැනශ්‍රී College එක හා අපේ අසල්වාසි විදුහල වන Princeton College එකේ සිසු සිසුවියෝ සාදරෙයි පිලිගනිමු..

අද දින පැවැත්වෙන ක්‍රිකට් මහා තරගාවලියේ සමාරම්භයට පෙර අපි ආගමික වතාවත් වල යෙදෙමු..."
අහස් අයියා හැමෝටම ආචාර කරමින් හරි ලස්සනට ඒ වදන් ටික මිමිනුවා...

මං දැක්කා ප්‍රින්ස්ටන් කොලේජ් එකේ කෙල්ලො ටිකක් පහල ඉදගෙන අහස් අයියට බැලමට් දානවා ... ඒක දැක්ක මට යකා නැග්ගෙ මේ කෙල්ලොන්ට හරි හමන් කොල්ලෙක් දැක්කොත් දගලන දැගිලිල්ලට...

අහස් අයියා මං ගාවින් වම් පැත්තෙන් ඇවිත් හිට ගත්තා... අග්‍රව් අයියා කොහෙද දන්නෑ දැක්කෙවත් නෑ... දැන් ටිකකට කලින් මෙතන හිටියා ... ඒත් දැන් නෑ...

සුදු පිරුවටයක් එලලා තිබ්බ පුටුවෙහි වැඩ සිටි හාමුදුරුවෝ වහන්සේ ගාථා සංසුව කිව්වා...
මං වැද ගෙන ඉන්න ගමන් හොරාට වගේ අහස් අයියා දිහා බැලුවා... ඇස් දෙකත් පියාගෙන දෝත් මුදුන් තියලා ඒ දෙතොල් වලින් මුමුන මුමුන ගාථා කියනවා දැක්කම මට එයා ගැන ලෝබ හිතුනා...
මන් ක්ෂණිකව අත් දෙක නලලෙන් තියාගෙන ඇස් පියා ගෙන හාමුදුරුවන් වහන්සේ පැත්තට හැරුනෙ අහස් අයියා එකපාරටම ඇස් ඇරිය නිසා ...

" ඒයි... දැන් භාවනා කරන්නෙ.." අහස් අයියා මගේ අතට තට්ටුවක් දාලා රහසින් වගේ කන ගාවට ඇවිත් කිව්වම මම ටක් ගාලා ඇස් ඇරලා අත් දෙක පහලට දාලා දකුනු අත උඩ වම් අත තියාගත්තෙ... ආපහු ඇස් දෙක පියාගන්න හදද්දිම ... එක පාරටම ආයෙත් අහස් අයියා මගෙ අත කිනිත්තුවා...
" ඇයි අනේ...! " මං කේන්තියෙන් ඇහුවෙ මගේ අත කිනිත්තපු තැන රතුවෙලා තිබුන නිසා...

වටපිට බලපු අහස් අයියා ,
" මැට්ටි ! ඔහොමද අත් දෙක භාවනා කරනකොට තියාගන්නෙ..."

" ඇයි ?" මං ඇස් දෙක බෝල කරන් අහස් අයියගෙන් ඇහුවා.
මං ලගට තව චුට්ටක් ආව අහස් අයියා කනට කොදුරලා , " වම් අත උඩයි දකුනු අත තියාගන්නෙ ..." කිව්වා.

අහස් ධාරා...☁️[THV 🤎] _ Ongoing  __Where stories live. Discover now