පස්වන දිග හැරුම...

42 6 34
                                    

"උබ මාව දාලා ගියේ කොහෙද කියපං ?"
" කොහෙවත් නෑ..."

උපේශි ඉනටත් අත් දෙක තියාගෙන මගෙන් ඇහුවෙ මගෙ වෙන්ඩ  නැන්දම්මා වගේ...
පොජ්ජක් හිටු !
මට කොයිද නැන්දම්මලා.
බදින්න එකෙක්වත් හොයාගත්තෙ නැතුව කොහෙද නැන්දම්මලා...අනික මොකා බදින්න ද ...
කනුවක් තමා බැදගන්න වෙන්නෙ...

" කොහෙවත් නැත්තම් මෙතන මොකද කරන්නෙ..?"

මේකි යකෝව්...!

මගෙ මිනිහා වගේනෙ මේකි කෑගහන්නෙ...
කියන්න බෑ මේකි මට ලයින්ද කියලා. ඇයි ඩෙයියනේ මේකි තනිකර කොලු ටයිප් නෙ අදින්නෙ...
හා ඔය කියවන එවුන් හිතන්න එපා ඒකි ඉස්කෝලෙට ඇදන් එන්නෙ දික් කලිසම් කියලා...
දැන්ම දැනුවත් කරේ උබලට හිතෙන ඒවා මං දන්න හින්දා...

" මං මෙතන මොනවා කරත් උබට මොකද ?"
මං ඒකිට කටත් ඇද කරගෙනම එතනින් නැගිට්ටෙ කට කොනෙන් ඇද කරගෙන..

හූවෑහ්...
මේකි සද්දෙ දාන්නෙත් මටමයි...
ඉදපියකො !!
මගෙ කස් එක දාලා තොට ගහන්නෙ..

ඒත් ඩෙයියනේ කස් එක නීත්‍යානුකූල උනෙත් නැතුව කොහේ ඕවා කරන්නද ...?

මගේ හිත සසල කොරවන පුරස්න ඕවා...

මාත් එක්ක අරකි තරහා වෙලා මූනවත් බලන්නැතුව ගියේ.
පුහ්...!
මේකිගෙ ගෑස් ...
ඉදපංකො තොගෙ ඔය ලිට්‍රෝ ගෑස් පුපට බටයක් ගහලා ටැංකි පුරෝලා යවනවා රට...
එච්චරයි කරන්නෙ හරිය...
පරිස්සමෙන් ඒ හින්දා මේ ධාරා එක්ක .

මං ඉතිම් මේකිව අදුන්නන්නැති නාදුනන කෙනෙක් වගේ අහක බලං ගියා.
ඇයි ඒකිට විතර යෑ ගෑස් පෙන්නන්න පුලුවන්..
මේ අපිටත් පුලුවන් හරිය.......

හුටා... මෙන්න ආයෙත්.......

මං දැක්කෙ අග්‍රව් අයියයි , අහස් අයියයි , අර එදා සදුනිගෙන් බූට කාපු කොල්ලයි...

උන් අර අපේ පන්තියෙ මදටිය ගහයට තඩි බත් එකක් ගිලිනවා...

යකෝව්...!
ඒක දැක්කම ලීටර් ගනන් මට කෙල ඉනුවා.
අම්මේහ් සුවඩ....
කෙහෙල් කොලේ ඔතලා තිබ්බ ඒ බත් එකෙන් ආව සුවද මට හොදට පුරුදුයි...

ඔව් ඔව්....

ඒ අපෙ කිරිඅම්මගෙ කෑම වල එන සුවද...
ගමේ කෑම කියන්නෙම ඉතිම් දිව්‍යබෝජන...

අහස් ධාරා...☁️[THV 🤎] _ Ongoing  __Where stories live. Discover now