මම ගෙදර එනකොට වෙලාව හතරට විතර ඇති . ඒ වෙලාවෙ අම්මයි තාත්තයි ගෙදර හිටියේ නෑ... තාත්තා නම් වැඩට යන්න ඇති... අම්මා ශුවර් එකටම ගයත්‍රි නැන්දගෙ ගෙදර ගියාද දන්නෑ... ඒත් මට නොකිය..?
එයැයිට නම් ඉතින් මට කියන්නම ඕන්නෑනෙ ගයත්‍රි ඇන්ටිගෙ ගෙදර ඕපදූප කියවන්න.අහස් අයියා මාව බස්සලා යන්නම් කියලා ගියා... එයා යන දිහා ඈත නොපෙනෙන තුරුම බලාගෙන හිටියෙ. මං එයාව දැක්ක පලවෙනි දවසෙ හිතුන කෙනාට වඩා එයා හොද අයියෙක්... කියලා හිත හිත...මං ගේට්ටුවත් වහගෙන ඉස්සරහ දොරකඩට ආවා.. හැමදාම යතුර හංගන පෝච්චිය උස්සලා යතුර අරගත්ත මං දොරත් ඇරගෙන ඇතුලට ගිහින් දොර ලොක් කරගත්තා...
ඇග පතත් හෝදගෙන කියුලට් එක ගහගත්ත මං සෝපාවෙ වැටිලා ටී.වී එක දාගත්තෙ සුපුරුදු පරිදි හවසට පින්ක් පැන්තර් බලන්න...
අපි තාම මල් වගේ පොඩි ලමායි...
ඊලග අවුරුද්දට 18 පිරෙන පොඩි වැඩිහිටියො අපි... ඒ හින්දා තාම ලමයි කිව්වට වරදක් නෑහ්...පින්ක් පැන්තර් බලන ගමන් මං හෙන කල්පනා ලෝකෙක පීන පීන හිටියෙ...
අද උන දේවල් නම් මහා........
මට මල් සරෙක් ගෙ හීයක් වත් වැදිලද අප්පාහ්...
කියන්න බෑ... ඒකත් එකක් මදිවට දෙකක් ද මන්දා...
අහස් vs අග්‍රව්...
මං තොලේ කොනකුත් හපාගෙන කල්පනා කරේ අහස් අයියා සහ අග්‍රව් අයියන්ඩියා ගැන... දෙන්නා ගැන සැසදීමක් කලොත්...
අහස් අයියා කියුට්. ඒ වගේම හොද පර්සනැලිටි එකක් තියේ... ඕන වැඩකට ඔට්ටුයි... සුදුයි... කෝපි පාට ඇස්... ම්ම්ම්ම්...ඊලගට අග්‍රව් අයියා ගැන හිතුවොත්...
තද කලු හීනී දිගැටි ඇස්... සුදුයි... එයාටත් හොද පර්සැනිලිටි එකක් තියේ... මේ මනුස්සයා කියුට් නම් නෑ... ගෝනි බිල්ලා වගේ සද්දයක් නෑ...පොඩ්ඩක් හිටු... !
තනිකඩ සංගමේ සභාපති වෙලා හිටිය මං මේ මොනාත ඇත්තට හිතන්නෙ...
චීයා... ඒවා කැත වැඩ... ලව් දෙකක් රන් කරන් යන්න මන් නෙත්මි නෙමේනෙ...අර සදරුවා කියන්නා වගේ...මං හිතන්න ඕන එව්වා මෙව්වා නෙමේ. දවස් ගානක් තිස්සෙ මහන්සි උන වැඩෙත් දැන් ඉවර නිසා... ඒ කාලෙ මිස් උන නෝට් ටික ඉල්ලගන්න විදියක් දැන් හිතාන්නෝනෙ..
හිතන්න දෙයක් නෑ ඩෙයියෝ ... ඔය තියෙන්නෙ අම්මා කියන විදියට නිතර කොටන ලයිට් පත්තුවෙන වීදුරු තහඩුවක්.. ඒකෙන් දාපියකො මැසේජ් එකක් උශානාට...
YOU ARE READING
අහස් ධාරා...☁️[THV 🤎] _ Ongoing __
Fanfiction"හීන වලින් රෑට රෑට එබිකම් කරලා ඔච්චම් කරේ මාව පිස්සෙක් කරන්නද ?" " හිතලා නෙවේනි ආවෙ... බලෙන්මනේ ගෙන්න ගත්තෙ.." " හාකො... එතකොට මට රෝස මලක් දික් කරලා ගොත ගගහා ' මම ඔයාට ආදරෙයි ' කිව්වෙ අල්ලපු ගෙදර එකාද දන්නෑ" " හයියෝ ඉතිම්... ඔයාට පොඩ්ඩත් ඇතිනෙ හො...