දහ වන දිග හැරුම...

30 6 8
                                    


අද ඉස්කෝලෙ කියල මතක් වෙලා මං නැගිටිද්දි වෙලාව 7:00 ට විතර ඇති. පැය බාගෙන් ලෑස්ති වෙන්න තියා හිතන්නවත් බෑ. බාගෙට තෙත තිබ්බ සුදු ගවුම් දෙක තුනම තාම වැලෙ. එහෙන් අම්මගෙ රැප් එකෙන් කන්දෙක පිරෙනවා. අම්මා මට බැන බැනම බත් මුල් බදින්න කෙහෙල් කොල කපන්න දිව්වා .  අම්මට ඇහැරිලා නැති එකේ මං ගැන තව කවර කතාද .
" මං කට කැඩෙනකල් කියලා තියෙනවා ඔය පෝන් එකෙන් එලාම් එක පහටවත් තියා ගන්න කියලා. දැන් දැක්කනෙ උන වැඩේ. මටත් අද ඇහැපිය උනානෙ  ටිකක් වැඩි පුර. "
අම්මා බත් මුලට මාලු පිනි දාලා කලබලේට මුල බදින්න ගිය වෙලාවෙ කෙහෙල් කොලේ පොඩ්ඩි තැනකින් ඉරුනා.
" මේකත් මේ අස්සෙම ඉරුනනෙ... "
අම්මා ඒකට යටින් තව කෙහෙල් කොල කෑල්ලක් තියලා අඩුව පිරිමැහුවා .
තාමත් දත් බුරුසුව කටේ ගහන් හිටිය මම මෙලෝ කලබලයක් නැතුව ඉස්කෝලෙ යන්නෙ නැතුව ඉන්නයි බැලුවේ...
" ඔය ඉතින් ...මෙච්චර පරක්කු වෙලා... ඒත් තාමත් නිදි...  "
අම්මා මගෙ පිටට එකක් ගහලා දඩි බිඩියෙ ගියේ වැලේ ලාවට තෙතබරියන් වෙච්ච සුදු ගවුමක් ගන්න...

ඔන්න සිරිමත්ගෙ නංගි ඇද පැලදලා ඉවරයි...
ඊලගට තියෙන්නෙ ඉස්කෝලෙ යන ජවනිකාව...
මං මරන්න ගෙනියන්න ඉන්න හරකෙක් වගේ පස්සට පස්සට යද්දි අම්මා මාව ඇදගෙන තාත්තා ලගට ගිහින් දැම්මා...
මං අම්මටයි තාත්තටයි ඉස්කෝලෙ යන්න බෑ කියලා කිව්වත් මං කිව්ව එක ගානකටවත් ගන්නෙ නැතුව මාව තාත්තා මෝටර් සයිකලේට නග්ග ගත්තා...
ඕකනෙ කරන්න බැරි...! යන්න බෑ ...!

ඉස්කෝලෙ ලගට එනකොට ගාථා කියනවා ඇහුනා. ගෙට්ටුවත් වහලා . එලියෙත් ලමයි දෙතුන් දෙනෙක් හිට ගෙන පිටෙ බෑග් එකත් එල්ලගෙන මූන ඇඹුල් කරන් ගාථා කියනවා. මාත් වැදගෙනම එතනට ගියෙ එකට කට්ටියත් එක්කම එක්ක යන එක හොද හින්දා...

දැන් යනකොට කියන්න බොරුවකුත් හදාගන්න එපායැ... මං එක ලමයෙක්ගෙ කනට කරල ඇහුවෙ ඇයි පරක්කු උනේ කියලා. ඒ ලමයා කිව්වෙ  එගොල්ලො එන පාරෙ බස් එක කැඩිලා කියලා...
ඒකෙන් මටත් බේරෙන්න පුලුවන් මමත් ඒ පැත්තෙන් එන නිසා. මං දන්නෙ නෑ අපෙ පැත්තෙ බස් එක කැඩිලා බව. එහෙනන් තාත්තට හවසට ගන්න එන්න වෙයි.

අහස් ධාරා...☁️[THV 🤎] _ Ongoing  __Where stories live. Discover now