පලවෙනි දිගහැරුම

91 9 41
                                    

" අ... ආව් ... ආව්.... අනේ .... හෑහ්... හුවෑ..."

දහය වසරෙ ඉන්න මට කොරෝනා බේත විදිනකොට මං කෑගහ ගහ  දගලන්න ගත්තෙ පී එච් අයි නෝනා කට්ට අතට ගද්දී. මං එහෙට මෙහෙට ඇඹරි ඇඹරී ඉහින් කනින් දාඩිය දාගෙන , පී එච් අයි නෝනා දිහා බැලුවේ බෝම්බයක් අතේ තියන් මට ගහන්න ඉන්න සහාරාන්ගෙ ගෑනි  වගේ...
බුදාම්මෝ!!  අන්න කට්ටෙන් එලියට විද්දා මොනාද වතුර...
පුලුන් කෑල්ල ගත්තා කියන්නෙම විදින්නයි එන්නෙ පුතේ...

පුටුවෙන් නැගිටලා දුවන්න හදද්දිම  දික් කලිසම් කාරයෙක් ඇවිත් මගේ උරිස් දෙකෙන් අල්ලගත්තා.
උරිස්සට උඩින් මං බැලුවෙ ඒ ගෝතයා මොකාද බලන්න.
හිකිස්...

මේ කවුද මේ අයියා...

අලේ  දෙයියනේ මේ මහසෝනා ඇවිත් මාව අමුවෙන් මරවන්නද අල්ලන් ඉන්නෙ. අතඇරපාන් යකෝව්....

" දුව... අනේ දගලන් නැතුව ඉන්නකෝ... පුතා මෙයාට දුවන්න දෙන්නැතුව අල්ලන් ඉන්න.... දගලන්න එපා.."
පී එච් අයි මැඩම් ඒ අයියට එහෙම කියද්දි මට හදේ ආවාට පේන්න ගත්තා...

" අම්මෙ ඉක්මනට ගහන්න ... ඒයි! කිව්වම දගලන්නැතුව ඉන්නවා !"
අයියා අර මැඩම්ට අම්මා කිව්වම මගෙ ඇස් උඩ ගිහින් ඇන්ඩ්‍රෝමීඩා මන්දාකිනියත් පෙනුනා කියාම්කෝ...
ඒ අස්සෙන් අරූ මට කෑගැහැවුව පාර මම හිදි ගල් පිලිමෙ වගේ හිටියා...
මේ අම්මයි පුතයි මාව මරන්නද  හදන්නෙ ...?

මං අයියගෙයි අර මැඩම් ගෙයි මූනු දෙක මාරු වෙන් මාරුවට බැලුවෙ ඇත්තටම මේ අම්මයි පුතයිද කියලා...
මුට චුට්ටක් ඒ වගේ මූනුවරත් තියේ...

බේත් එක ඒ ඇහිල්ලට විද්ද පී එච් අයි මැඩම් 
මගෙ වම් අතට පුලුන් කෑල්ල තද කලා...

අත නිකම් කොර වෙලා  වගේ නිසා ගස ගස ආවේ...
වෙනදා වගේම බේත් විද්දම හැදෙන ජබර කලන්තෙ හැදුනා.
මට නිකම් කැරකිල්ල වගේ ඇවිත් අමාරු වුනා විතරයි මාව වැටෙන්න වගේ ආවා...
හොද වෙලාවට අර මට කෑගැහුව අයියා හිටියෙ .. නැත්තම් මං ඔලුව බිම වැදිල ඔලු කට්ට පොඩි වෙනවා අනිවා...

ඒ අයියා දැකලා පුරුදු ඩයෑල් එකක්..
ඉස්කෝලෙ මීඩියා වැඩ වලට ඌ තරම් එකෙක් නෑ කියනවා අහලා තියෙ...

අහස් ධාරා...☁️[THV 🤎] _ Ongoing  __Where stories live. Discover now