CHP2

219 31 45
                                    

ඉඳහිට වැටෙන වැහි කෝඩෙක තෙමීගෙන
කහ මල් කිනිති පොළවට ඇස් අයාගෙන
ප්‍රේමය ගිය පසුව සුළඟේ ගසාගෙන
දුරුතු සඳ වැටුණි අහසෙන් කඩාගෙන

රිදුම් දෙමින් ඉකිළන හැම රැයක් පුරා
ඇදුම් දෙවන හිස ඔය උරහිසින් දරා
නෙතින් වැටෙන කඳුළැල් පිස සසර පුරා
ඉතින් ආදරෙයි තාමත් යශෝධරා

රෑවී වැටෙන කළුවට තරු එළි යාවී
රෑහී සොවින් කී සි පද පෑහේවී
මාවී කෙතට වට සඳ දිය සේ ප්‍රේමී
පේවී වරෙන් මගෙ පපුවට සීදේවී

යුවේන් හිටියේ කාර් එකේ ශටර් එකට ඔලුව තියන් එළිය බලාගෙන. ලාවට වැටෙන පොද වැස්ස එක්ක ගංගාධරගේ සිංදුවක් කියන්නේ වෙනමම රහක්. උදෙන්ම ආපු අකිල වගේම මෙවිභූ දෙන්නත් එක්ක යුවේන් නුවර එන්න පිටත් වුණේ සීයගේ උපදෙස් මත.

වෙනදාට හිනාවෙලා කටර් එකක් වගේ කියවන අකිල අද නිහඩව ඉන්න එක නම් යුවේන්ට ලොකු අමුත්තක් වුණා. ඩ්‍රයිව් කරන ගමන් නළල පිරිමැද මැද ඇස් කොනෙන් එන්න දගලන කදුළු කාටත් නොපෙනෙන්න මෙවිභූ හැදුවත් යුවේන් දැනටමත් ඒක දැකලා ඉවරයි. ඒ දෙන්නා අතර මොනවාහරි ලොකු ප්‍රශ්නයක් තියෙන බව යුවේන්ට තේරුණත් එයා මුකුත් අහන්න ගියේ නැත්තේ ඒක ඒගොල්ලන්ගේ පෞද්ගලිකත්වයට බාදාවක් නිසා. ඒත් මොනවම හරි උදව්වක් ඕනේ උනොත් යුවේන් හැමවෙලේම එයාගේ අයියලා වෙනුවෙන් හිටියා. ඉතින් මේ නිහඬතාවය නිසා යුවේන් ටිකක් උගුර පාදලා එයාපොඩ් එක කනෙක්ට් කරන් සින්දුවක් ප්ලේ වෙන්න දාලා ශටර් එකට ඔලුව තියාගත්තේ එයා නිදාගන්න බව අගවන්න.

උදෙන්ම මාලිගාවට ගිහින් දවල් තේවාවටත් සහභාගි වෙලා කුයින්ස් එකෙන් කෑමත් අරගෙන වැව රවුමෙත් ඇවිදලා ඉවර වුණාට පස්සේ තුන්දෙනාම යුවේන්ගේ වලව්වට එන්න පිටත් වුණා. දැනටමත් පේන අලගල්ල කදුවැටිය දකිද්දි යුවෙන් මතකය අවුරුදු 22 ආපස්සට දිව්වා.

රුද්‍ර | Non-FF | Slow UpdateWhere stories live. Discover now