යුවේන්ට දැනුණා එයාගේ ඔලුව කවුරුහරි හරි පරිස්සමට පිරිමදිනවා. හිසේ තිබුණු බර ගතිය සම්පූර්ණයෙන් නැති වෙලා තියෙද්දි එයා හෙමීට වුණු දේවල් කල්පනා කරා. ඩිලන් කියපු කතා මතක් වෙද්දි එයාගේ පියවුනු ඇස් වලින් නිකම්ම කදුළු ගැලුවත් උණුසුම් අතක් ඒ කදුළු මගදිම පිහලා දැම්මා. ඒත් එක්කම යුවේන් ටිකක් කලබල වුණේ ඒ කවුද කියලා දන්නේ නැති නිසා.
"පුංචි කැළෑමලට තාම අවදිවෙන්න උවමනාවක් නැති පාටයි."
රුද්‍රගේ ගැඹුරු කටහඬ තමන්ගේ කන ගාවින් ම ඇහෙද්දි යුවේන්හේ කම්මුල් රෝස පාට වෙලා ගියා. රුද්‍ර ගැන එක සිතුවිල්ලකුත් ඇති එයාගේ ඇගම නමක් දන්නේ නැති හැගීමකින් වෙලාගන්න. යුවේන් ඇස් දෙක අරිද්දිම එයා දැක්කේ එයා දිහා බලන් ඉන්න ආදරණීය දුඹුරු පාට ඇස් දෙකක්.
"ඉතින් පුංචි හාමු මහත්තයාට මගේ ඇග උඩින් බහින්න හිතක් නැද්ද.? "
රුද්‍ර දගකාර විදිහට අහද්දි තමා මෙච්චර වෙලා අර දුඹුරු පාට ඇස් වල ගිලිලා හිටපු යුවේන් කම්මුල් රෝස පාට කරන් වටපිට බැලුවේ.
එයාලා හිටියේ පොඩි ලෙනක් ඇතුලේ. මේ ලෙන පිටතට නොපෙනෙනවා ඇති කියලා යුවේන්ට හිතුණේ ලෙන් කට ගාව මහ සද්දෙට වැටෙන වතුර ධාරාව නිසා. එත් එක්කම එයා ඇස් කරකවලා බැලුවේ රුද්‍ර දිහා. එයා මෙච්චර වෙලා කිසිම අපහසුවක් නැතුව නිදාගෙන තියෙන්නේ රුද්‍රගේ පපුව උඩ කියලා තේරුණහම යුවේන්ට දැනුනෙම පොළොව පලාගෙන යන්න තරම් ලැජ්ජාවක්.
යුවේන් ඉක්මනට රුද්‍රගේ ඇගෙන් බහින්න හැදුවත් රුද්‍ර හිනා වෙලා යුවේන්ව එයාගේ එහා පැත්තෙන් වාඩි කරවගත්තා.
'අනේ පැම්චෝ'
යුවේන්ට එයාගේ හිතම එහෙම කියනවා ඇහෙද්දි එයා බිම ඇඟිල්ලෙන් කූරු ගෑවේ ලැජ්ජාවෙන් ගැලවෙන්න.
"කැළෑ මලට ලැජ්ජා හිතිල ද මේ?"
රුද්‍ර කියද්දි යුවේන් ඔරවලා බැලුවත් රුද්‍රට පෙනුනේ කියුට් විදිහට ඔරවලා බලන චුට්ටන් සුදු මුගටි පැටියෙක් වගේ.
"අයියා ඇයි මට කැළෑමල කියන්නේ.."
අහන්න අච්චර වැදගත් ප්‍රශ්න තියෙද්දි යුවේන්ට දැනගන්න ඕනේ වුණේ ඕක වෙනකොට රුද්‍රගේ මූනේ ලා මදහසක් ඇදුණේ යුවේන් එයාට හිනා වෙනවා කියලා හිතලා තවත් ඔරවද්දි.
YOU ARE READING
රුද්‍ර | Non-FF | Slow Update
Fantasy"දන්නවා ද රුද්‍ර . කවදා හරි රුද්‍ර ආදරය කරන කෙල්ල මාරම වාසනවන්ත වෙයි ." "අහ්හ්.. ඒ ඇයි.?" " මොකද මම දැකපු ආදරණීයම පිරිමියා ඔයයි රුද්‍ර ...." "එහෙනම් ඔයා කියපු දේ පොඩි වෙනසක් කරන්න ඕනේ. මොකද මම ආදරය කරන්නෙ පිරිමි ළමයෙක්ට මගේ පුංචි කැළෑ මල." "රු-රු...