CHP5

263 37 27
                                    

යුවේන් ෆෝන් එක පැත්තකින් තියලා බර හුස්මක් හෙලුවා. නංගි කෝල් කරලා කියපු දේවල් එක්ක එයාගේ සිහිය අතීතෙට ඇදිලා ගියේ නිකම්මයි. එයාට තේරෙන්නේ නෑ එයාගේ කුඩම්මා ඇයි එයාට මේ තරම් වෛර කරන්නේ කියලා. මොන වැරැද්දක් කළාටද..? ඒත් යුවේන් කවදාවත් එයාගේ කුඩම්මටවත්, අයියටවත් වෛර කරේ නෑ. අඩුම තරමේ එයාට තේරුණේ නෑ එයා වටේ සිද්දවෙන දේවල් වත්. අවුරුදු 3 ළමයෙක්ට වෛර කරන්න පුලුවන් ද..? ඒකත් අහිංසක හුරුබුහුටි දරුවෙක්ට..?

යුවේන් ජනෙල් පඩියේ වාඩි වෙලා ඈතට විහිදලා තියෙන කැළය දිහා බලන් හිටියා. කැළේ ගස් කොලන් අතරින් හමාගෙන එන සීතල සුළග එයාගේ දුක, වේදනාව, තනිකම හැමදේමත් ඈතට අරන් යනවා වගේ. හැමදාමත් වගේ අර තරු ඉහිරිලා තියන ආකාසෙත්, කනාමැදිරියෝ විසිරිලා ඉන්න මහ ඝන කැළයේ සුන්දරත්වය එයාගේ මනස සන්සුන් කරා.

ඇස් දෙක පියාගත්ත යුවේන් හෝද හුස්මක් ඉහළට අරන් පහත හෙළුවා. එයාට කොච්චර වෙලාවක් එතන එහෙම හිටියද කියන්නවත් ගානක් තිබ්බේ නෑ. හැබැයි ඇස් දෙක ඇරපු එයා පහළ බලපු එයාට දකින්න ලැබුණේ හිතුවේ වත් නැති දෙයක්. මිදුලේ කෙළවරේ තිබුණු පදුරු අතරින් රතු පාට ඇස් දෙකක් එයා දිහා නිසලවම බලන් ඉන්නවා.

එදා එයා දැක්ක ඇස් දෙකමයි. අදුර ඇස් වලට හුරු වෙනකම් ඒ දිහා ටික වෙලාවක් යනකම් බලන් ඉද්දි එයාට ඒ රූපේ අදුරෙන් වෙන් කරලා දැකගන්න පුලුවන් වුණා. රතු මැණික් කැට දෙකක් වගේ බබළන ඒ ඇස් දෙක. උඩට ඉස්සිලා තියෙන තියුණු කන් දෙක. රිදී පාටට අදුරේ වුණත් කැපිලා පේන ඒ තියුණු දඩයම් දත් යුගල. බිම හිටියත් හැඩිදැඩි විදිහට පේන ඒ ශරීරය එක්ක ගොදුරකට කුරුමාණම් අල්ලනවා වගේ ලතාවකට වැනෙන ඒ දිග වළිගය. ඇත්තටම ඔහු බිහිසුණු රෞද්‍ර මෘගයෙක්ගේ පෙණුමකින් ඔහු දැක්කේ.

ඒ කාලවර්ණිත මෘගයාගේ ඇස් දෙක දිහා බලන් ඉද්දි එයාට දැණුනා එයාව නිකම් මත් වෙනවා වගේ කියලා. ටික ටික ඔහුගේ ඇස් නිදිබර වෙද්දි නොදැනිම ඔහුව ජනෙල් පඩියෙන් වැටෙන්න ගියත් ඊළග මොහොතේ ඔහු හිටියෙ උණුසුම් පපුතුරක. ඒ විසල් පපුවේ අයිතිකාරයාගේ මුහුණේ ලාවට මදහසක් ඇදිලා තිබ්බා. මොකද පොඩි අතදරුවෙක් අම්මාගේ උණුසුම හොයනවා වගේ යුවේනුත් එයාගේ පපුවේ ගුලි ගැහෙනවා දැකලා.

රුද්‍ර | Non-FF | Slow UpdateWhere stories live. Discover now