CHP1

294 36 49
                                    

යුවේන් එයාගේ නළල දෙපස තදින් තෙරපගත්තා.

"මිස්ටර් නානායක්කාර. මම දැන් පැහැදිලිවම කිව්වා මේ ප්‍රොජෙක්ට් එක මම කරනවා කියලා. "

"ඒත් මිස්ටර් දුණුකෙවෙල..."

"මිස්ටර් දුණුකෙවෙල දැන් පැහැදිලිව කිව්වා මේ ප්‍රොජෙක්ට් එක කරනවා කියලා. ඔයාට බෑ කම්පැනි එකේ සීඊඕ ගන්න තීරණවලට බලපෑම් කරන්න. "

"ඒ වුණාට මමත් මේකේ ශෙයාර් හෝල්ඩර් කෙනෙක් මිස්ටර් සූරියආරච්චි "

"දිස් ඊස් මයි ලාස්ට් ඩිසිශන්. යු ඕල් කැන් ගෝ නව්."

තදින් පුටුව පිටිපස්සට ඇදපු මිස්ටර් නානායක්කාර හැමෝටම රවාගෙන ඉස්සෙල්ලම එළියට යද්දි අනිත් මෙම්බර්ස්ලා හැමෝමත් හෙමීට එළියට ගියා. හැම බෝර්ඩ් මීටින් එකකම තමන්ට කිසිම විදිහක ඉල්ලීගල් බෙනිෆිට් එකක් නොලැබෙන හැම ප්‍රොජෙක්ට් එකකදීම ඒක ඇපෲව් වෙන එක වලක්වන්න කෑ ගහන මිස්ටර් නානායක්කාර දැන් හැමෝටම සුපුරුදු දසුනක්. කොටින්ම කිව්වොත් මිස්ටර් නානායක්කාර ඒ කෑගහපු කාලය පුරාවට මිස්ටර් අකිල නෙලීශ සූරියආරච්චි කරේ මිස්ටර් නානායක්කාරට නොදැනෙන්න ගහගත්තු පින්තූර ටිකකින් මීම් වගයක් හදපු එක.

උදේ ඉදන්ම දැණුනු තෙහෙට්ටුව වගේම හිසරදයත් එක්ක යුවේන් ඔලුව උස්සගෙන හිටියේ බොහොම අමාරුවෙන්. ඒ වෙනකොටත් රූම් එකේ ඉතිරි වෙලා හිටියේ එයත්, මිස්ටර් සූරියආරච්චි වගේම මිස්ටර් දිසානායක විතරයි. යුවේන් එයාගේ පොකට් එකෙන් ගත්ත ටැබ්ලට් එක අරගත්තත් එකපාරම එයාගේ කොදු නාරටිය දිගේ පැතිරුණු හිරිය නිසා එයාට ටැබ්ලට් එක අතෑරුණා.

ඔක්කොටම කලින් ඉක්මන් වුණු අකිල යුවේන් ව අල්ලගනිද්දි යුවේන්ගේ ඥාති සහෝදරයා වුණු මෙවිභූ අයුශ්ක දිසානායක ටැබ්ලට් එක අල්ලගෙන එතන තිබුණු වතුර බෝතයෙන් වතුර ටිකක් එක්ක පෙව්වා.

"දැන් අඩු ද?"

මෙවිභූ යුවේන්ගේ ඔලුව අතගාන ගමන් අහද්දී යුවේන් හෙමිහිට ඔලුව වැණුවා.

රුද්‍ර | Non-FF | Slow UpdateWhere stories live. Discover now