CHP4

135 24 16
                                    

යුවෙන් ලොකු හුස්මක් අරගෙන තමන්ට පෙවිලා තිබුණු වතුර කැහැල අයින් කරා. යන්තම් ටිකෙන් ටික බර වෙලා තියෙන ඇස් පියන් හෙමීට ඇරෙද්දි එයාට බොද වෙලා පේන රූස්ස ගස් අස්සෙන් පේන අහස පෙණුනා. ඒත් එක්කම තව චායාවන් තුනකුත් එයා දිහාවට පාත් වෙලා ඉන්නවා එයාට පෙණුනා. ටිකෙන් ටික පෙණුම පැහැදිලි වෙලා එයාට නැඹුරු වෙලා ඉන්න අකිල අයියා මෙවිභු අයියා වගේම නාදුනන තරුණයාගේ මූනු දිහා බලාගෙන එයා ලාවට හිනා වුණා. එයාට දැණුනේඑයාගේ උගුර නිකම් නියගෙට අහුවෙලා වගේ වේලිලා ගිහින් කියලා. වචනයක් පිට කරගන්න බැරුව යුවේන් අසරණ වෙද්දි යුවේන්ගේ ඇස් වලට නිරායසෙන්ම කදුළු ආවා. 

" අනේ පැටියෝ කොහෙහරි රිදෙනවද යුවේන්."

මෙවිභු යුවේන්ව එයාගේ පපු තුරුලට ඇදගෙන අහද්දි යුවේන් නෑ කියන්න වගේ ඔලුව හෙමීට හෙලෙව්වා උණත් එයාට දැනුනේ එයාගේ ඔලුවට ගලක් බැදලා වගේ. වැටෙද්දි වැදුණු පාර තදරම වැදිලා වගේ. ඒත් එකපාරටම යුවේන්ගේ වේදනාවෙන් පිරිච්ච ඇස් අර නාදුනන තරුණයාගේ ඇස් වල ගැටෙද්දි ඒ ඇස් ගැස්සුණා. යුවේන්ට දැනුනේ එයා දැක්කේ මනෝවිකාරයක් වගේ. නැත්තම් කොහොමද ඒ කොල්ලගේ ඇස් ගිනියම් වුණු කුණු ලේ පාටට හැරිලා ආපහු ලා දුඹුරු පාටට හැරුණේ. එත් ඒ බැල්මට ම යුවේන්ට දැණුනා එයාගේ ඔලුව සැහැල්ලු වෙනවා වගේම උගුරේ වේදනාවත් අඩු වෙනවා. 

"ඔයාට කොහොමද පැටියෝ දැන්."

මෙවිභු යුවේන්ගේ කෙස් පස්සට තල්ලු කරන ගමන් ඇහුවේ එයාගේ ඇස් වල එළියට එන්න දගලන කදුළු හංගන්න හදන ගමන්. යුවේන් දන්නවා යුවේන්ගේ අයියලා එයාට කොච්චර ආදරේද කියලා. අකිල අයියත් එයා දිහා බලන් ඉන්නවා දකිද්දි එයා හෙමීට මෙවිභුගේ වගේම අකිලගෙ අත් වලින් අල්ලගත්තා.

"මම හොදින් අයියේ . පොඩ්ඩක් අරහෙන් මෙහෙන් රිදෙනවා. ඩෝන්ට් වොරි."

යුවේන් කියද්දි අකිලත් හිනාවෙලා යුවේන්ගේ ඔලුව අතගෑවා.

" ඒ වුණාට අපිට .. නෑ මට තිබ්බා ඔයා ගැන මීට වැඩිය බලන්න. මන් .. මන් .."

රුද්‍ර | Non-FF | Slow UpdateWhere stories live. Discover now