Dhiwan pov ;
.
.
.අභී... අයිය දැන් කොහෙද නවතින්නෙ...
හොටෙල් එකේම නවතී..
එයා එතකොට අද හෙටම යනවද දන්නෑ....
දන්නෑ... බලමුකෝ...
ඇයි ඔයා ඒක නිකන් අමුතුවට කිව්වෙ...
නිකන්...
හාකො හාකො... ඔයා එහෙනම් වොශ් එකක් දාගෙන එන්නකෝ...
ම්ම්... තනියෙන් ඉන්න පුළුවන් ද...
යසියා ඉන්නවනේ...
ම්ම්... පරිස්සමෙන්... එහෙ මෙහෙ යන්නෙ නෑ...ම්ම්...තේරුනාද...
අභීව වොශ් එකක් දම්මන්න ඇතුලට යවල , මන් යසියට කතා කලා... දැන් ප්රශ්න විසදන වෙලාව....
යසියා...
හිටපන් මේ එනවා...
කෝ රුසී...
ඌ ගෙදර ගියා, මන් ටිකකින් එන්නම් කියල නැවතුනා...
කියපන් දැන්...
අඩෝ, මට මාර වැඩේනෙ බන් උනේ...
ඇයි, උබට මහසෝන ගැහුවද...
මහ සෝන ගැහුව නම් හොදයි බන්... ගැහුවෙ වෙන එකෙක්නෙ...
මොකාද ඒ...ශෙලීන් අයියද...
උ..උබ කොහොමද දන්නෙ...
උබට පුළුවන් ද බන්, මගෙ කනෙන් රින්ගන්න... උබ මගෙ බොක්ක.. මගෙන් උබට හංගන්න බෑ මචෝ ඈ... මන් බලාගෙන හිටියේ, ඊයෙ හවස ඉදන් ... උබ අමුතුවටනේ හැසිරුනෙ.... අද උදෙත් එහෙමයි...දැනුත් එහෙමයි... මොනාද අයියා කනට කරල කියල ගියේ... මටනම් ඇල්ලුවේ නෑ හොදේ....
හිටහන්කෝ කියනකන්.. උබත් රොයිටරේ නේ.....
ආයෙත් අහල...කියහන්කො බලන්න ...
ඊයේ ශෙලීන් කාර් එකේදි ................................................................................................................................................................................................................................................................................... එහෙමත් කිව්වා... අදීල් අයියගෙන්ලු නම්බර එක ගත්තෙ.... දැනුත් මහ අමුතු ටෝකක් දීල යන්න ගියා....
අනේ මන්ද බන්, මට තේරෙන්නෑ.... මට හිතෙන්නෙම ඒ මිනිහට වද දෙන්නමයි.... දැනුත් තේකට ලුනු දාල දුන්නේ මන්...