ධීවාන් මල්ලි, මොකද මේ... ලමයෝ ඔයාට අමාරුද .... කෝ එන්න එන්න...
එ..එපා හේමාල් අයියේ... මන් මේ දුවගෙන ආවනෙ, ඒකයි...
ඊට කලින් මේ වාහෙනෙන් ඉදගන්නකෝ... ආ මේක බීල ඉන්න...
තෑ..න්ක්ස් ..
මහ පාර මැද, ටව්මට යනකන්ම මන් දුවගෙන ආව... මන් දන්නෑ කොහොම ආවද කියන්න අවසානෙදි මන් නැවතුනේ, වාහනයක් මගෙ ඉස්සරහින් නැවැත්තුව හින්ද.... ඒ වෙන කවුරු ත් නෙමේ හේමාල් අයියා... ඩොක්ටර් කිව්වනෙ මට වැඩිය මහන්සි වෙන්න එපා කියල, ඒත් මට ඒ ගෑවත් හිතන්න වෙලාවක් නොතිබ්බේ නෑ, මගෙ කන් ඇතුලෙ, මගෙ ඇස් අස්සෙ එකම එක දෙයක් විතරක් දෝන්කාර දෙන හින්ද...මීට විනාඩි ගානකට කලින් උන දේ, මට ඇහුන දේ මට ආයෙ ආයෙත් මතක් වෙන්න ගත්තේ
*
*
*
එයා ලගින් එන්න කලින් මන් ආයෙ නැවතුනා.... නැවතිලා එයාගෙන් ආපහු ඒ ප්‍රශ්නෙම ඇහුවා...
ටානි ඔයාගෙ කව්ද අභි අයියේ....මට ඇත්ත කියන්න .. ආයෙ මන් කිසිම දෙයක් අහන්නෑ, ප්ලීස් ඒක විතරක් මට කියන්න....
" මගෙ අනාගත වයිෆ් වෙන්න ඉන්න කෙනා..."
එච්චරයි ... මට ඇහුනෙ එච්චරම යි.. මන් ආව, ආවේ කොහොමද කියන්නවත් මන් දන්නෑ, ඉන්නෙ කොහෙද කියන්නවත් මන් දන්නෑ... මේ ටව්මට මන් කොහොම ආවද කියන්න දන්නෑ.... හේමාල් අයියා හින්ද ටිකක් පියවි සිහියට ආපු මන් වටපිට බැලුව...මීට කලින් මන් ඇවිත්ම නැති තැනක්... මගෙ සිහිය ඒ තරම් උබ විකෘති කරල අභි....
ධීවාන් , අපි යමුකෝ... ඊට කලින් ඔයා මාත් එක්ක ගමනක් යමු...
....................
මට හේමාල් අයියා කියන දේකත් කිසිම තේරුමක් දැනුන්නෑ... මන්ද මගෙ මුලු ලෝකෙම කඩන් වැටුන වගේ හැගීමක්, මහම මහ හිස් හැගීමක් විතරයි දැනෙන්නෙ....
හේමාල් අයියා මාව වාහනේට නග්ගගෙන කොහෙදෝ යමු කිව්වා... මාත් මොකුත් නොකියම ශට්‍ර් එකෙන් එලිය බලන් ඔහේ හිටියා....
ධිවාන් බහින්නකො...
ම්..මෙහෙට ඇයි ආවෙ...
යමු, අපි ඉස්සෙල්ලා බෙහෙත් ටිකක් අරන් එමු හරිද... ඔයාට හොදටම දාඩියත් දාල... මට ආයෙ ඔයාට වැරැද්දක් වෙන්න දෙන්න බෑ මල්ලි... මගෙ කට්ටිය හින්ද ඔයා විදෙව්වා හොදටම ඇති... එදා ඔයා ඇක්සිඩන්ට් උනේ මගෙ වාහනේකට කියල දැනගනිද්දි ඇත්තමයි මට පොලොව පලන් යන්න හිතුනා... මට මන් ගැනම මහ තරහක් ආවා... ඔයා මන් හින්දා දැන හෝ නොදැන එකපාරක් විදෙව්වා... ආයෙත් එහෙම වෙන්න දෙන්න බෑ... කෝ, හොද ලමයා වගේ බැහැල එන්නකෝ... අපි බෙහෙත් ටිකක් අරන් එමු....