මන් එන්නද...
එන්න...
යසිය හොරෙන් වගේ මුමුනද්දි අදීල් අයිය ගිහින් හිමීට දොර ඇරියා...
අනිත් අය නිදිද බන්..
ඔව්... අම්මලත් නිදි...
හ්ම්...
මන් එලියෙන් ඉන්නම් ඔය දෙන්න කතා කරගන්නකෝ....
හරි අභි...
අභී එලියට ගියා.. යසිය ඇවිත් මන් ලගින්ම වාඩි උනා.... වාඩි වෙලා මගෙ අත් දෙක උගෙ අත් දෙකෙන්ම අල්ලගත්තා...
දේවා... ඇයි බන් මෙහෙම....
ඒක කර්මෙ හැටිනේ බන්... වෙන දේකට මූන දෙන්න වෙනවානෙ... මොනා කරන්නද... මේක මගෙ දෛවේ වෙන්න ඇති...
එහෙමයි කියල ඇයි බන් උබ අපි හැමෝගෙන්ම ඈත් උනෙ... ඇයි බන්.. අඩුම මට කියන්න තිබ්බ... උබ හේමාල් අයිය එක්ක යද්දි එද්දි, අදී අයියගෙන් ඈත් වෙද්දි , අම්මලාව බලාගන්න කියද්දි, උබ දිගටම අසනීප වෙද්දි මට හිතන්න තිබ්බ බන්... මන් මහ මෝඩයෙක්....
එපා බන්, දැන් ඇති... උන දේ උනානෙ...
හ්ම්.. මන් අඩන්නෑ දේවා... ඒත් මගෙ පපුව පැලෙන්න වගෙ... උබලගෙ අම්මලාගෙ මූනු බලන් රගපාන එක තමා කරන්න අමාරුම දෙ... ඒත් අපි එහෙම කරන්න එපැයි... අදීල් අයිය අපිට විස්තරේ කිව්වා.... පව් බන් ඒ මනුස්සයා... උබ නොදන්නවා උනාට උබ නැති ටිකේ ඌ මැරුන්නැති ටික විතරයි බන්...
හ්ම්.. මන් දන්නවා... මට හේමාල් අයියත් කිව්ව... ඒත් මන් කියල මොනා කරන්නද බන්.... මන් ඒ වෙලාවෙ ගත්තෙ මට හොදයි කියල හිතුනු හොදම දෙ... තවත් මන් හින්ද කාටවත් ප්රශ්න වෙන්න ඕන නෑනෙ යසි... මන් කියල මොනා කරන්නද... ඒකමයි මන් හිමීට ඈත් උනේ...
මට තේරෙනවා දේවා... ඒත් අනේ මන්දා බන්... කාටවත් වැරැද්දක් කියන්න බෑ... හැමෝගෙම කතා ඇතුලෙදි ඒ හැමෝම සාධාරණයි...
හ්ම්... ඒක නෙමේ, උබල හොදින් හිටිය නේද බන්... මට දෑනගන්නවත් විදියක් තිබ්බෙ නෑනෙ....
මන් හොදින් බන්... ශෙලීන් අයියත් ඉස්සර වගේ නෙමේ දැන්... ඇත්තටම එයා මට ආදරෙයි....