📲📲📲
හෙලෝ හේමාල් අයියේ...
....................
හරි මන් එන්නම්....
.
එදා ඉදන් හරියටම දවස් තුනක් ගියා.. මන් දන්නෑ මන් කොහොම උන්නද කියල... කොහොම මේ දවස් ටික ගෙවුනද කියල... මන් මොන සිහියකින් හිටියද කියලවත් මට ගානක් නෑ... උදේ නැගිටිනවා, කැම්පස් යනවා, ආයෙ එනවා... උදේ යනවා , හවස එනව... මේ දවස් එකකවත් අභීව මට ආයෙ මුන ගැහුන්නෑ.. අඩුම එයාගෙන් කෝල් එකක්වත් ආවෙ නැ...එයා කැම්පස් ආවෙත් නෑ.... මට යසිරුගෙන් දැනගන්න ලැබුනු විදියට අභී ගෙදරලු ඉන්නෙ... එයා මේ දවස් වල බෑන්ඩ් එකේ වැඩත් එක්ක බිසී වෙලාලු... මන් ආයෙ හොයන්න නොගියේ ඒක එයාට වදයක් වෙන නිසා....එයා සතුටින් නම් ඒ ඇති....
මන් කොහොමත් එයාට ගැලපෙන්නෑ.. ඒක එයා වගේම මාත් හොදටම දන්නවා .... ඒ හින්ද නැති ප්‍රශ්න ආයෙ ඕනෙ නෑ, එයාට ප්‍රශ්නයක් නැත්තන් එච්චරයි ... එයාගෙ ජීවීතේ එයාගෙ ගමන එයා ගියපු දෙන්...
ඉතින් අද මට උදේම කෝල් එක ආවෙ හේමාල් අයියගෙන්.. එයා තමා මේ ටිකේම මන් ගැන හොයල බැලුවෙ... අද එයා මට හදිස්සියක් කියල ලෑස්ති වෙලා ඉන්න කිව්ව, එයා මාව ගන්න එන්නම් කියල...
ඒ වගේම නොකිව්වට මේ දවස් ටිකට මන් සෑහෙන්න වෙනස් වෙලා ... කන්නාඩියෙන් මන් මගෙන දිහා බලාගෙන මටම මුමුනගත්තේ ඇස් අගින් කදුලක් නිකන්ම ගලාගෙන යද්දි...
මන් වෙනස් වෙලා...
ඉස්සර හිටපු බෝල ධීවාන් දැන් පේන්නවත් නෑ.. ඇටකෝටු ගොඩක් වගේ වෙලා... මනුස්සයෙක් දවස් කීපයකින් මෙච්චර වෙනස් වෙන්න පුළුවන් ද..
සමහරවිට විට , ඇතුලින් මැරි මැරී ජීවත් වෙද්දි එහෙම වෙනව ඇති...
මන් ශෝර්ටකුයි, අත්දිග ශ්‍ර්ට් එකකුයි ඇදගෙන හේමාල් අයිය එනකම් එලියෙ බෙන්ච් එකට වෙලා බලන් හිටියා...
යසියලා කැම්පස් ගියා, මගෙ ඇගට ටිකක් හරි මදි හින්ද මන් අද යන්නෑ කියල තීරනේ කල...ධීවාන් මල්ලි....
ආ....ඔයා ආවද හේමාල් අයියෙ...
එන්නකො...
හ්ම්.....
හේමාල් අයියා එක්ක මන් ගියේ හොස්පිටල් එකට... අද මගෙ රිපෝර්ට්ස් එනව කිව්වනෙ... ඒව ඇවිල්ලලු... හේමාල් අයියා ඩොක්ටර් ට ඒව එහෙමම සෙන්ඩ් කරල... ඩොක්ටර්ට ඉක්මනින් මාව හම්බෙන්න ඕනෙ කිව්වලු...